වර්ෂාව හේතුවෙන් කාසියේ වාසිය ප්‍රමාද වෙයි
January 30, 2026 06:39 pm
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය උරගා බැලීම ප්‍රමාදවී තිබේ.
ඒ අනුව එය පස්වරු 06.45ට සිදු කිරීමට නියමිතය.
පස්වරුවේ පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය අවට සුළු වර්ෂාවක් පතිත විය.
කෙසේ වෙතත් මේ වනවිට වර්ෂාව නතරවී ඇති බවට තොරතුරු වාර්තා වූවත් කාසියේ වාසිය උරගා බැලීම ප්‍රමාද කිරීමට තීරණය කර ඇත.
මෙම තරගයේදී එංගලන්ත කණ්ඩායමේ නායකත්වය හැරී බෲක් හට හිමිව ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ, දසුන් ශානක විසිනි.
