header logo
SLIC
වෙනත් පුවත්
මුල් ළමාවිය දරුවන්ගේ රැකවරණය හා සංවර්ධනය සොයා බලන්න කාන්තා හා ළමා කටයුතු ඇමතිනිය රත්නපුරට
Jan 29, 202605:44 PM
මුල් ළමාවිය දරුවන්ගේ රැකවරණය හා සංවර්ධනය සොයා බලන්න කාන්තා හා ළමා කටයුතු ඇමතිනිය රත්නපුරට
EDEX

රත්නපුර දිස්ත්‍රික්කයේ මුල් ළමාවිය දරුවන්ගේ රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවක් අද (29) කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සබරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහිදී අමාත්‍යවරිය විසින් මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික විෂයමාලා රාමුව සම්බන්ධයෙන් පුළුල් පැහැදිලි කිරීමක් සිදු කළේය.

2027 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය පිළිබඳවද ඇය කරුණු දක්වන ලදී.

මුල් ළමාවිය ක්ෂේත්‍රය තුළ පෙර පාසල් සහ මුල් ළමාවිය මධ්‍යස්ථාන භෞතික වශයෙන් ගුණාත්මක කිරීම, පෙර පාසල් ගුරුවරුන්ගේ සේවය ප්‍රමිතිගත කිරීම සහ එම සේවය වඩාත් ගුණාත්මක මීතිකාවකට පත් කිරීමට රජය කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරිය අවධාරණය කළාය.

මෙම සාකච්ඡාවේ විශේෂ අවස්ථාවක් ලෙස, පෙර පාසල් ගුරුභවතුන්ට සහ මුල් ළමාවිය සංවර්ධන නිලධාරීන්ට තමන් මුහුණ දෙන ගැටලු විවෘතව ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදෙන ලදී. එහිදී සේවා සැපයීමේදී පවතින අභියෝග මෙන්ම මුල් ළමාවිය සංවර්ධන හා රැකවරණ ක්ෂේත්‍රය වඩාත් ගුණාත්මක කිරීම සඳහා නව යෝජනාද ඉදිරිපත් කරන ලදී.

මෙම අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලූෂා ගමගේ මහත්මිය, සබරගමුව පළාත් අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂවරයා, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයා, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධිත මුල් ළමාවිය සංවර්ධන නිලධාරීන්, සබරගමුව පළාත් මුල් ළමාවිය සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති නිලධාරීන් සහ පෙර පාසල් ගුරුභවතුන් එක්ව සිටියහ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට