header logo
SLIC
වෙනත් පුවත්
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්ගේ වැඩතහනම ගැන ශානක්කියන් කතා කරයි
Jan 25, 202603:46 PM
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්ගේ වැඩතහනම ගැන ශානක්කියන් කතා කරයි
EDEX

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නීතීඥ ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්න මහතාව වැඩතහනමකට ලක්කිරීම සම්බන්ධයෙන් ඉලංකෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා සිය කනස්සල්ල පළ කර තිබේ.

X සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ චෝදනා පත්‍රයක්, පරීක්ෂණයක් හෝ ඒ සම්බන්ධ විමසීමට හෝ අයිතියක් නොමැතිව මෙම වැඩතහනමකට ලක්කිරීම සිදුකර ඇති බවට මාධ්‍ය වාර්තා පල වන බවය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් මහතාට සිය සටහනෙන් පවසා ඇත්තේ පාර්ලිමේන්තුවේ නිසි ක්‍රියාවලිය බිඳ වැටුණු විට, රටට යවන ලද පණිවිඩය අතිශයින් භයානක වන බවය.

කුලරත්න මහතා අත්හිටුවීමේ තීරණය ගනු ලැබුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කමිටුව (SAC) විසිනි.

ඒ මහතාගේ පත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වයක් මත මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.

2023 සැප්තැම්බර් 15දා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතා මෙම ධුරයේ රාජකාරි කරනු ලැබීය.

චමින්ද කුලරත්න මහතා රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියෙකු වේ.

තවද කොළඹ විශ්වවිද්‍යාලයේ හා එක්සත් රාජධානියේ බකින්හැම්ෂයර් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමණාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියෙකු ද වන ඒ මහතා 2005 වසරේ සිට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ යාවජීව සාමාජිකයෙකු මෙන්ම 2016 වසරේ සිට නීතීඥ සංගමයේ කවුන්සිලයේ සාමාජිකයෙකු ද වේ.

ජ්‍යෙෂ්ඨ නීතීඥ චමින්ද කුලරත්න මහතා සිය 20 වසරකට වැඩි වෘත්තිය ගමන් මඟ තුළ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම්, ජනාධිපති අතිරේක ලේකම්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්, විපක්ෂ නායක අතිරේක ලේකම්, එක්සත් රාජධානියේ ලන්ඩන්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, ජනාධිපති සහකාර ලේකම් ඇතුළු රජයේ විධායක මට්ටමේ පරිපාලන තනතුරු රැසක් හොබවා තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට