header logo
SLIC
ක්‍රීඩා
ICCයෙන් ලැබුණු ආරාධනාව ගැන ස්කොට්ලන්තය ප්‍රතිචාර දක්වයි
Jan 25, 202611:14 AM
ICCයෙන් ලැබුණු ආරාධනාව ගැන ස්කොට්ලන්තය ප්‍රතිචාර දක්වයි
EDEX

2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ලෙසට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සිදු කළ ආරාධනයට ස්කොට්ලන්ත කණ්ඩායම ප්‍රතිචාර දක්වා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින්, එම කණ්ඩායමේ සභාපති විල්ෆ් වොල්ෂ් සඳහන් කළේ, ඉන්දියාවේ සංචාරය කිරීමට කැමැත්තෙන් සහ සූදානමින් පසු වන බවය.

තරගාවලියේ සහභාගීත්වය තහවුරු කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂාගෙන් තමන්ට ඇමතුමක් ලැබුණු බව ද ඔහු පැවසීය.

සිය කණ්ඩායම වෙනුවෙන් එය පිළිගැනීම සම්බන්ධයෙන් තමන් සතුටු වන බවත් මේ අවස්ථාව ලබාදීම පිළිබඳව ක්‍රිකට් කවුන්සිලයට ස්තූතිවන්ත බව ද විල්ෆ් වොල්ෂ් ප්‍රකාශ කළේය.

ඉදිරි සතිවලදී ඉන්දියාවේ ලෝකයේ හොඳම කණ්ඩායම් කිහිපයක් සමඟ තරග කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව ද ඔහු කීය.

ආරක්ෂක හේතූ මත ඉන්දියාවේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කරමින් බංග්ලාදේශ කණ්ඩායම ඔවුන් සහභාගී වන තරග වෙනත් ස්ථානයක් පවත්න ලෙසට ඉල්ලා සිටියහ.

ඊට ජගත් ක්‍රිකට් කවුන්සිලයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබීමත් සමඟ සිය කාණ්ඩය වෙනස් කර දෙන ලෙසට ඉල්ලා සිටියත් ඒ සම්බන්ධයෙන් කිසිදු එකඟතාවකට පැමිණීමට නොහැකිවීමත් සමඟ බංග්ලාදේශය මෙම තරගාවලියට සහභාගී නොවීමට තීරණය කරනු ලදී.

ඒ අනුව විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් අනුව මෙම තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව ස්කොට්ලන්තයට හිමි විය.

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන පෙබරවාරි මස ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට