කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

January 24, 2026   02:04 pm

ශ්‍රී ලංකාව හා සංචාරක එංගලන්ත කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (24) පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

දෙරට අතර පළමු තරගයෙන් ලකුණු 19ක ජයක් ලැබූ ශ්‍රී ලංකාව මේ වනවිට තරග 3කින් යුත් තරගාවලියේ තරග 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටියි.

අද තරගයද ජයගැනීමට හැකිවුව හොත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය තහවුරු කරගැනීමට ශ්‍රී ලංකාවට හැකිවේ.

මේ සමග වසර 12කට පසු එංගලන්තයට එරෙහිව එක්දින තරගාවලියක් ජයගැනීමට ද ශ්‍රී ලංකාවට හැකිවනු ඇත.

ශ්‍රී ලංකාව අවසන්වරට එක්දින තරගාවලියකදී එංගලන්තය පරාජය කර ඇත්තේ 2014 වසරේදීය. 

එතැන් සිට මේ දක්වා පැවති එක්දින තරගාවලි ත්‍රිත්වයක් අඛණ්ඩව පරාජය වී තිබුණි.