header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
සයුරෙන් එතෙර
ගෝලීය ආර්ථිකය ගැන IMF නවතම අනාවැකිය
Jan 24, 202601:11 PM
ගෝලීය ආර්ථිකය ගැන IMF නවතම අනාවැකිය
Mobitel 1278

ජාත්‍යන්තර වෙළෙඳ බාධා සහ අර්බුද අතරතුරද ලෝක ආර්ථික වර්ධනය ශක්තිමත් ලෙස පවතින බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අවධාරණය කරයි.

කෙසේ වෙතත් තාක්ෂණික අංශය, විශේෂයෙන් කෘතිම බුද්ධිය (AI) ආශ්‍රිත ආයෝජනවල අධික නැඹුරුවක් හේතුවෙන් අවදානම් තත්ත්වයන් පවතින බව IMF පෙන්වා දෙයි.

IMF ප්‍රධාන ආර්ථික විශ්ලේෂකයින් වන Pierre-Olivier Gourinchas සහ Tobias Adrian සඳහන් කරන්නේ, 2026 වසර සඳහා ලෝක ආර්ථික වර්ධනය සියයට 3.3 ක ස්ථාවර මට්ටමක පවතිනු ඇති බවය

එය ඔක්තෝබර් මාසයේ ප්‍රකාශිත ඇස්තමේන්තුවලට සාපේක්ෂව සියයට 0.2ක වැඩිවීමක් පෙන්නුම් කරන බවද සඳහන්ය.

එයට ප්‍රධාන හේතුව ලෙස එක්සත් ජනපදය සහ චීනයේ ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනය වීම පෙන්වා දී ඇත.

තොරතුරු තාක්ෂණ ආයෝජන, විශේෂයෙන් AI ක්ෂේත්‍රයේ දැඩි වර්ධනය, ව්‍යාපාරික ආයෝජන සහ ආර්ථික ක්‍රියාකාරකම් උද්දීපනය කිරීමට ප්‍රධාන ලෙස දායක වී ඇති බව IMF පවසයි.

මෙම වර්ධනය ප්‍රධාන වශයෙන් එක්සත් ජනපදය තුළ සංකේන්ද්‍රණය වී ඇතත්, එහි ධනාත්මක බලපෑම් ආසියාව ඇතුළු අනෙකුත් කලාපවල තාක්ෂණික අපනයන හරහා ලෝකය පුරා විහිදී යමින් පවතී.

එහෙත්, තාක්ෂණික අංශය වටා ආයෝජන සහ වෙළෙඳපොළ අපේක්ෂා අධික ලෙස එකතුවීම හේතුවෙන්, ණය බර, සම්පත් අගයන් අධි වීම සහ ආදායම් අපේක්ෂා අසාර්ථක වුවහොත් හටගත හැකි මුල්‍ය අවදානම් පිළිබඳවද IMF අවධානය යොමු කර ඇත.

එමෙන්ම, වෙළෙඳ බාධා නිසා ඇතිවන වර්ධන අඩු වීමේ බලපෑම් කාලයත් සමඟ තවදුරටත් තීව්‍ර වන බවද IMF පෙන්වා දෙයි.

මේ අතර, 2026 ලෝක ආර්ථික සමුළුවේ වාර්ෂික හමුවට සහභාගී වූ IMF කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජීවා මහත්මිය පවසා සිටියේ, කෘතිම බුද්ධිය හේතුවෙන් ලෝක ශ්‍රම වෙළෙඳපොළට දැඩි බලපෑමක් එල්ල වන “සුනාමියක්” මතුවෙමින් පවතින බවය.

හොඳින් සූදානම් වූ රටවල පවා එම වෙනස්කම් සඳහා ප්‍රමාණවත් ලෙස සූදානම් නොමැති බව ඇය අවධාරණය කළාය.

AI ලෝක ආර්ථිකයට ඇති කරන බලපෑම පිළිබඳ පැවැති මෙම සාකච්ඡාවට මයික්‍රොසොෆ්ට් සභාපති බ්‍රැඩ් ස්මිත්, සෞදි අරාබියේ ආයෝජන අමාත්‍ය කාලිද් අල්-ෆාලිහ් සහ ඉන්දියාවේ ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය අශ්විනී වෛශ්නව් මහතා ද එක්ව සිටියහ.

මයික්‍රොසොෆ්ට් දත්ත අනුව, උත්පාදක AI (Generative AI) භාවිතා කරන්නේ ගෝලීය උතුරේ ජනගහනයෙන් සියයට 25ක් පමණ වන අතර, ගෝලීය දකුණේ එය සියයට 14කට පමණක් සීමා වී ඇත.

මෙම ඩිජිටල් පරතරය තවදුරටත් විශාල වෙමින් පවතින බව බ්‍රැඩ් ස්මිත් මහතා පෙන්වා දුන්නේය.

ගෝලීය දකුණ පුරා මූලික යටිතල පහසුකම් සංවර්ධනය නොකළහොත් AI මඟින් මෙම පරතරය අඩු කළ නොහැකි බවද ඔහු අවධාරණය කළේය.

සමහර රටවල දත්ත විද්‍යාඥයින්ගේ හිඟය පිළිබඳවද සාකච්ඡාවට ලක්ව ඇති අතර, අප්‍රිකාවේ එක් දත්ත විද්‍යාඥයෙකුට සමානව යුරෝපයේ දත්ත විද්‍යාඥයින් 14 දෙනෙකු සිටින බවට සංඛ්‍යාන දත්ත හෙළිව තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ඉන්දියාවෙන් පැන්න අජිත් ලංකාවේදී කොටු වූ හැටි

ඉන්දියාවෙන් පැන්න අජිත් ලංකාවේදී කොටු වූ හැටි

මාලිගාවත්තේ මහ පාරේ දෙපිරිසක් මරාගනී..  බිහිසුණු ගැටුම CCTV කැමරාවේ

මාලිගාවත්තේ මහ පාරේ දෙපිරිසක් මරාගනී.. බිහිසුණු ගැටුම CCTV කැමරාවේ

“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

රනිල්ගේ ආරක්ෂකයෙකුගේ සිරසට පහරක්

රනිල්ගේ ආරක්ෂකයෙකුගේ සිරසට පහරක්

 ජපානයේදී රුමේෂ්ට විශේෂ උපහාරයක් තෑග්ගට මෝටර් රථයක්...

ජපානයේදී රුමේෂ්ට විශේෂ උපහාරයක් තෑග්ගට මෝටර් රථයක්...

 අධිකරණයට ආ හිටපු ජනපති රනිල්

අධිකරණයට ආ හිටපු ජනපති රනිල්

නාමල් අදත් නිල්පාට බස් එකෙන් අධිකරණයට

නාමල් අදත් නිල්පාට බස් එකෙන් අධිකරණයට

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

 හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ

ලෝක හදවත් දිනය අදයි | Ada Derana

ලෝක හදවත් දිනය අදයි | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ