ජපාන පාර්ලිමේන්තුව විසුරුවා හැරේ
January 23, 2026 03:49 pm
හදිසි මහ මැතිවරණයක් සඳහා ජපාන පාර්ලිමේන්තුව විසුරවා හැරීමට අග්‍රාමාත්‍ය සනයි තකයිචි පියවර ගෙන තිබේ.
ඒ අනුව පෙබරවාරි 8 වනදා ජපාන පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිතය.
ජපානයේ පළමු කාන්තා අගමැතිවරිය ලෙස පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී අග්‍රාමාත්‍ය ධූරයට පත් වු සනයි තකයිචි ධූරට පත් වී මාස 03ක් වැනි කෙටි කාලයක් තුළ මෙලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීම විශේෂත්වයකි.
ඇයගේ ජනප්‍රියත්වය හරහා පාලක පක්ෂයේ බලය තවදුරටත් තහවුරු කර ගැනීමේ අපේක්ෂාවෙන් මෙම හදිසි මැතිවරණය කැඳවා ඇති බව ද විදෙස් විචාරකයින් පෙන්වා දී ඇත.
