header logo
Vallibel FD
Valible Le
සයුරෙන් එතෙර
තහනම මග හැරීම සඳහා TikTok අමෙරිකාව සමග ගිවිසුමක
Jan 23, 202607:22 AM
තහනම මග හැරීම සඳහා TikTok අමෙරිකාව සමග ගිවිසුමක
Mobitel 1278

ලොව ප්‍රමුඛතම සහ ජනප්‍රිය සමාජ මාධ්‍යයක් වන චීනයේ ByteDance සමගාම සතුව ඇති ටික්ටොක් සමාජ මාධ්‍ය ගිණුම අමෙරිකාවේ බහුතර හිමිකාරිත්වයක් සහිතව ඒකාබද්ධ කිරීම සඳහා ගිවිසුමක් අත්සන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව ටික්ටොක් යෙදුම එක්සත් ජනපද මෙහෙයුම්වලදී බහුතර කොටස් අමෙරිකානු සමාගම් වෙත අලෙවි කිරීමට එම සමාගම කටයුතු කර තිබේ.

අමෙරිකානු ප්‍රමුඛතම සමාගම් තුනක් වන සිල්වර් ලේක්, ඔරකල් සහ එම්ජීඑක්ස් නම් සමාගම් තුනකට 15% බැගින් කොටස් අලෙවි කර ඇති අතර සමාගමේ ඉතිරි කොටස් හිමිකාරිත්වය අමෙරිකාවේ ක්‍රියාත්මක Dell Family Office, Vastmere Strategic Investments, Alpha Wave Partners, Revolution, Meritt Way, Via Nova, Virgo LI, සහ NJJ Capital නම් සමාගම් වෙත අලෙවි කර ඇත.

ඒ අනුව ටික්ටොක් යෙදුම අමෙරිකාව තුළ ක්‍රියාත්මක වීමෙදී එහි මෙහෙයුම් කටයුතුවලින් 80.1ක කොටස් අමෙරිකාව සතුව පවතින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති අතර 19.9%ක හිමිකාරිත්වයක් මුල් සමාගම වන චීනයේ ByteDance සමාගම සතුව පවතින බවත් වාර්තා වේ.

මෙම ටික්ටොක් යෙදුමේ චීන හිමිකරු වන ByteDance සමාගම එහි මෙහෙයුම් අමෙරිකානු ආයෝජකයින්ට විකිණීමට අපොහොසත් වුවහොත් පසුගිය 2025 වසරේ ජනවාරි මාසයේදී අමෙරිකාවේ තහනම් කිරීමට නියමිතව තිබුණි.

ඒ එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයක් විසින් ලබා දුන් තීන්දුවක් මතය.

අමෙරිකා එක්සත් ජනපදයේ මිලියන 170කට අධික පරිශීලකයින් පිරිසක් විසින් භාවිත කරන මෙම යෙදුම මගින් එරට ජාතික ආරක්ෂාව සම්බන්ධව ගැටලු ඇති බවත් දත්ත රසහස්‍යතාව සහ සයිබර් ආරක්ෂණ ගැටලු ඇති බවටත් මින් පෙර චෝදනා එල්ල වී තිබුණි.

නමුත් එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කළ ByteDance සමාගම සඳහන් කළේ සිය මෙහෙයුම් සම්පූර්ණයෙන්ම ස්වාධීන බවත් චීන රජය සමග දත්ත හුවමාරුවක් සිදු නොවන බවත්ය.

මේ අතර පසුගිය සැප්තැම්බර් මාසයේදී ට්‍රම්ප් නිවේදනය කළේ අමෙරිකා එක්සත් ජනපදය තුළ ටික්ටොක් යෙදුම ක්‍රියාත්මක කිරීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර ගිවිසුමක් ඇති කරගත් බවත්ය.

අමෙරිකාව තුළ මෙම ගැටලුවට ප්‍රධානම හේතුව වී ඇත්තේ ටික්ටොක් හී පවතින ඇල්ගොරිතමය වන අතර එය පරිශීලකයින්ගේ මනාපයන් සහ හැසිරීම් මත පදනම්ව ක්‍රියාත්මක වේ.

කෙස් වෙතත් නව ක්‍රියාවලිය තුළ එක්සත් ජනපද පරිශීලක දත්තවල අන්තර්ගත නිර්දේශ ඇල්ගොරිතම නැවත පුහුණු කිරීම, පරික්ෂා කිරීම සහ යාවත්කාලීන කිරීම සිදු කෙරෙනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත.

MostRead
Mobitel 1278
VideoStories
 ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන්  “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන් “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කළු ඇඳුමින් පඹයෙක් අරන්  මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

කළු ඇඳුමින් පඹයෙක් අරන් මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට  සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

කලා වැවත් වාන් දමයි

කලා වැවත් වාන් දමයි

ඩුබායි ධනුෂ්කගේ මෙරට මත්ජාලය මෙහෙයවන  සුභාගේ ප්‍රධාන ගෝලයා අයිස් සමඟ STF දැලේ

ඩුබායි ධනුෂ්කගේ මෙරට මත්ජාලය මෙහෙයවන සුභාගේ ප්‍රධාන ගෝලයා අයිස් සමඟ STF දැලේ

 අදත් උදේම නාමල් අධිකරණයට

අදත් උදේම නාමල් අධිකරණයට

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

මාලිමා මන්ත්‍රී සමඟ ගංජා පැළ සිද්ධියට ගැටුණු පොලිස් කොස්තාපල් නඩුවෙන් මුදාහරී | Ada Derana

මාලිමා මන්ත්‍රී සමඟ ගංජා පැළ සිද්ධියට ගැටුණු පොලිස් කොස්තාපල් නඩුවෙන් මුදාහරී | Ada Derana

වැඩි වුණ තෙල් මිලෙන් රත්වුණ දේශපාලන වේදිකාව"බයික් එකේ එන්නේ..හෙට අනිද්දා වෙද්දී ෆුට් බයිසිකලේ එන්නේ"

වැඩි වුණ තෙල් මිලෙන් රත්වුණ දේශපාලන වේදිකාව"බයික් එකේ එන්නේ..හෙට අනිද්දා වෙද්දී ෆුට් බයිසිකලේ එන්නේ"

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී

අමෙරිකානුවන්ට ට්‍රම්ප් එපාවෙයි - රිපබ්ලිකන් බලකොටු රැසක් බිඳවැටෙයි

අමෙරිකානුවන්ට ට්‍රම්ප් එපාවෙයි - රිපබ්ලිකන් බලකොටු රැසක් බිඳවැටෙයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පොලීසිය දැක්කම මත් ජාවාරමුන් කෝටි 27ක කුඩු පාර්සලය දමා දුවලා

පොලීසිය දැක්කම මත් ජාවාරමුන් කෝටි 27ක කුඩු පාර්සලය දමා දුවලා

ත්‍රී’මලේ ඝාතනය දෙහිබාලේගේ වැඩක් වෙඩි කා මියගියේ අහක හිටපු නාවික සෙබළෙක්

ත්‍රී’මලේ ඝාතනය දෙහිබාලේගේ වැඩක් වෙඩි කා මියගියේ අහක හිටපු නාවික සෙබළෙක්