header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
හයේ ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලුවට හේතුව හෙළිවෙයි - NIE පත්වීම් දේශපාලන ළැබැඳියාවක් නිසා ද ?
Jan 20, 202606:55 AM
හයේ ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලුවට හේතුව හෙළිවෙයි - NIE පත්වීම් දේශපාලන ළැබැඳියාවක් නිසා ද ?
Mobitel 1278

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 06 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට අවසාන මොහොතේ කළ සංශෝධනය නිසි ක්‍රමවේදයෙන් තොරව සිදුකර ඇති බවට අනාවරණය වී තිබේ.

ජාතික අධ්‍යාපන ආයතනය විසින් පත්කරන ලද පරීක්ෂණ කමිටුව විසින් මේ බව අනාවරණය කරගෙන ඇති බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේය.

06 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවියක නමක් ඇතුළත් වීම සම්බන්ධයෙන් සොයා බැලීමට ජාතික අධ්‍යාපන ආයතනය විසින් මූලික පරීක්ෂණ කමිටුවක් පත්කරනු ලැබීය.

එම පරීක්ෂණ කමිටු වාර්තාවට අනුව ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරිනියන් දෙදෙනෙකුගේ වැඩතහනම් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වුණි.

ඊට අමතරව ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා අනිවාර්ය නිවාඩු යැවීමට ද පියවර ගෙන තිබුණි.

මේ සම්බන්ධයෙන් ඊයේ (19) රාත්‍රී ටීවි දෙරණ ඔස්සේ විකාශය වූ 360 කාලීන වැඩසටහන සමඟ එක්වෙමින් අදහස් දැක්වූ සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා,

"මේ ගැන පරීක්ෂණ කරන්න ජාතික අධ්‍යාපන ආයතනයෙන් කමිටුවක් පත්කළා. ඒ අනුව 8 දෙනෙකුගෙන් ප්‍රකාශ කරගෙන තියෙනවා. ඉන් තිදෙනෙකුට විනය ක්‍රියාමාර්ග ගන්න යෝජනා කරලා තියෙනවා. ඒ විනය ක්‍රියාමාර්ග දැන් ක්‍රියාත්මකයි. පොතක් ගහනකොට 12 පාරක් මේක චෙක් වෙනවා. ඊට පස්සේ තුන්පාරක් සෝදුපත් බලනවා. ඊට පස්සේ NIE එකෙන් proof reading කරනවා. ඊට පස්සේ අවසන් කොපිය බලනවා ප්‍රින්ට් කරන්න කලින්."

මෙච්චර ක්‍රමවේදයක් තිබුණා කවුරුත් දැක්කේ නැත්තේ ඇයි ? මේක පිටුපස කුමන්ත්‍රණයක් තියෙන්න පුළුවන් ද ?

"කුමන්ත්‍රණයක් වුණාද කියලා හොයන එක ඉතාම තර්කානුකූලයි. පරීක්ෂණයේ ප්‍රතිඵලය තමා මේ තියෙන සම්පූර්ණ ක්‍රියාවලිය අවසාන මොහොතේ දී අනුගමනය කරන්නේ නැතුව කරපු සංශෝධනයක් නිසා. මේ හරහා ගිහින් තමා මොඩියුල කරලා තියෙන්නේ, හැබැයි අවසාන මොහොතේ කරන සංශෝධනය මේ හරහා ගිහින් නෑ."

අදාළ නිලධාරීන්ගේ සුදුසුකම් ප්‍රමාණවත් නොවුණ ද ඔවුන්ට ජාතික අධ්‍යාපන ආයතනයේ ස්ථීර පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට ද බිමල් රත්නායක අමාත්‍යවරයා එහිදී පිළිතුරු ලබාදුන්නේය.

සුදුසුකම් සම්බන්ධයෙන් ප්‍රශ්න සහගත තත්ත්වයක් ගැන පැහැදිලි තොරතුරු හෙළිදරව් වී තියෙන නිලධාරීන් දෙදෙනෙක් මේ වගේ ජනතාවගේ ඡන්දයෙන් පත්වුණ ආණ්ඩුවක් සිරකිරීම ප්‍රශ්න සහගතයි. එතැන එක් අයෙකුගේ දුවක් පන්නල ප්‍රාදේශීය සභාවට මාලිමාවට ඡන්දය ඉල්ලනවා. දේශපාලන ළැබැඳියාවක් නිසාද මේ අය ස්ථිර වෙන්නේ ?

"කොහෙත්ම නෑ. අපි එහෙම බල බල වැඩ කරන්නේ නෑ. ඉතා පැහැදිලියි එයා ඡන්දය ඉල්ලුවත් නැතත් එයා අපේ පක්ෂය පටන් ගත්ත කෙනා වුවත්, මට සියයට දාහක් කියන්න පුළුවන් අපි කිසිම ආකාරයෙන් මැදිහත් වෙන්නේ නෑ. මෙතෙන වැරැද්දක් සිදුවෙලා තියෙනවා නේ මට තේරෙන විදියට ඔහුගේ සුදුසුකම් පිළිබඳ ප්‍රශ්නය වෙනම එකක් ඒක මේකට බලපාලා ඇති සුදුසුකම් අඩු අය වැඩක් කරද්දි සිදුවෙන වැරදි තියෙනවා. නමුත් මේක අපිට පේන දේ තමයි මෙතැන බරපතළ වැරැද්දක් වෙලා තියෙනවා. මුළු මොඩියුලය දිහා බැලුවට පස්සේ පේනවා දරුවන් අසැබි දෙයකට යොමුකිරීමේ අරමුණින්, වෙන වෙන තැන්වල දේවල් එකතු කරලා නෑ. ඒකයි මම සජිත් ප්‍රේමදාස මහත්තයාට අභියෝග කරන්නේ මේ සතියේ බැරි නම් පෙබරවාරියේ පෙන්නන්නකෝ ඔය මොඩියුලයේ ලින්ක් එක ඇරුණහම ඒ මොඩියුලයේ වෙන අසැබි දෙයක් නෑ."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 රාජ්‍ය සේවය ගැන ජනපති අකමැත්තෙන් කියපු කතාව"මස් රාත්තලම ඉල්ලන න්‍යායට යන්න එපා"

රාජ්‍ය සේවය ගැන ජනපති අකමැත්තෙන් කියපු කතාව"මස් රාත්තලම ඉල්ලන න්‍යායට යන්න එපා"

 කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

 පාදුක්ක තානායමේ සිටි පිරිසකට එල්ල වූ අමානුෂික ප්‍රහාරය CCTV කැමරාවේ

පාදුක්ක තානායමේ සිටි පිරිසකට එල්ල වූ අමානුෂික ප්‍රහාරය CCTV කැමරාවේ

 "ඕන දේකට කමිටු තමයි පැලැස්තරේ""ඒකට නීතිය නැමුවා...දැන් නැහැ"

"ඕන දේකට කමිටු තමයි පැලැස්තරේ""ඒකට නීතිය නැමුවා...දැන් නැහැ"

 මාස දෙකහමාරෙන් කඩ 20කට විදපු මත්ලෝලියා..ගෑස් සිලින්ඩර් තොග පිටින් හමුවෙයි..සොරකමේ CCTV මෙන්න

මාස දෙකහමාරෙන් කඩ 20කට විදපු මත්ලෝලියා..ගෑස් සිලින්ඩර් තොග පිටින් හමුවෙයි..සොරකමේ CCTV මෙන්න

 පනාගොඩ අනතුර ගැන මාලිමා මන්ත්‍රීගේ පාපෝච්චාරණය..

පනාගොඩ අනතුර ගැන මාලිමා මන්ත්‍රීගේ පාපෝච්චාරණය..

 ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා පෙත්සමකට අත්සන් තැබීම - දෙව්න්දරින් ඇරඹේ

ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා පෙත්සමකට අත්සන් තැබීම - දෙව්න්දරින් ඇරඹේ

 නිදහස් පක්ෂ මහ ගෙදරට ආපු පොහොට්ටු‍වේ සෙට් එක | Ada Derana

නිදහස් පක්ෂ මහ ගෙදරට ආපු පොහොට්ටු‍වේ සෙට් එක | Ada Derana

මෙට්‍රෝ බස්වලට පාට් දාන ප්‍රයිවට් බස්වලට බිමල්ගෙන් රතු එළියක්

මෙට්‍රෝ බස්වලට පාට් දාන ප්‍රයිවට් බස්වලට බිමල්ගෙන් රතු එළියක්

රිමාන්ඩ් භාරයට පත්වූ ශිරන්තිට අද නොලැබුණු අවසරය...

රිමාන්ඩ් භාරයට පත්වූ ශිරන්තිට අද නොලැබුණු අවසරය...

 "මගේ කැමැත්ත නීතිය බවට පත් නොවිය යුතුයි" - ජනපති මහා සංඝරත්නය හමුවේ අවධාරණය කරයි | Ada Derana

"මගේ කැමැත්ත නීතිය බවට පත් නොවිය යුතුයි" - ජනපති මහා සංඝරත්නය හමුවේ අවධාරණය කරයි | Ada Derana

 "ඊළඟට ජම්පරේ අන්දන්නේ මට ලූ.." - "හඳ පෙන්නද්දී ඇඟිල්ල දෙස නොබලා හඳ දෙසම බලන්න" | Ada Derana

"ඊළඟට ජම්පරේ අන්දන්නේ මට ලූ.." - "හඳ පෙන්නද්දී ඇඟිල්ල දෙස නොබලා හඳ දෙසම බලන්න" | Ada Derana

"චීවරය දරාසිටීමට ජනාධිපතිවරයාගේ ශ්‍රී මුඛයෙන් නියෝග කරනු ලැබීමට නියමිතයි..." විමල්ට හිතෙන දේ...

"චීවරය දරාසිටීමට ජනාධිපතිවරයාගේ ශ්‍රී මුඛයෙන් නියෝග කරනු ලැබීමට නියමිතයි..." විමල්ට හිතෙන දේ...

ජනපති සමග සාකච්ඡාවට මහා සංඝරත්නය ජනාධිපති ලේකම් කාර්යාලයට | Ada Derana

ජනපති සමග සාකච්ඡාවට මහා සංඝරත්නය ජනාධිපති ලේකම් කාර්යාලයට | Ada Derana

 "160 දෙනාම අරහත් ධජයත් එක්ක පුදුම තරහක් තියෙන්නේ"

"160 දෙනාම අරහත් ධජයත් එක්ක පුදුම තරහක් තියෙන්නේ"

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2027 අය - වැයෙනුත් රජයේ සේවක වැටුප් ඉහළට

2027 අය - වැයෙනුත් රජයේ සේවක වැටුප් ඉහළට

දිට්වා මුදල් වැය කර ඇත්තේ 8%යි - ලෝක බැංකුව කියයි

දිට්වා මුදල් වැය කර ඇත්තේ 8%යි - ලෝක බැංකුව කියයි

 ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට

රජයේ නිලධාරීන් පවා අනීතිකව මුදල් ආයෝජනය කර වංචාවලට අහුවෙලා - මහ බැංකුව

රජයේ නිලධාරීන් පවා අනීතිකව මුදල් ආයෝජනය කර වංචාවලට අහුවෙලා - මහ බැංකුව

2025 - 2026 වසරවල කෘෂිකර්මික කටයුතු ගැන ආර්ථික සංගණනයක් - නිලධාරීන් 15,000ක්

2025 - 2026 වසරවල කෘෂිකර්මික කටයුතු ගැන ආර්ථික සංගණනයක් - නිලධාරීන් 15,000ක්

ජනපති සහ මහා සංඝ රත්නය අතර විශේෂ සාකච්ඡාවක්

ජනපති සහ මහා සංඝ රත්නය අතර විශේෂ සාකච්ඡාවක්

ඥානසාර හිමිගේ සිවුර ගැලෙව්වැයි සංඝරත්නය උසාවිය අසලට

ඥානසාර හිමිගේ සිවුර ගැලෙව්වැයි සංඝරත්නය උසාවිය අසලට

ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ඇන්ඳවීම ගැන මහා නාහිමිවරුන්ගේ කනස්සල්ල

ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ඇන්ඳවීම ගැන මහා නාහිමිවරුන්ගේ කනස්සල්ල

සිරිලිය ගිණුම : ශිරන්ති රිමාන්ඩ්

සිරිලිය ගිණුම : ශිරන්ති රිමාන්ඩ්

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම් | Ada Derana

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම් | Ada Derana