
යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරගයෙන් ජයගැනීම සඳහා අයර්ලන්ත කණ්ඩායමට ලකුණු 268ක ඉලක්කයක් හිමිව තිබේ.
තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිළ නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 267ක් රැස්කරගත්තහ.
එහිදී විමත් දිනසර ලකුණු 95ක්, චාමික හීනටිගල ලකුණු 51ක් සහ කවිජ ගමගේ ලකුණු 49ක් ලබාගැනීමට සමත් වුහ.
පන්දුයැවීමේදී ඔලිවර් රිලේ කඩුලු 02ක් දවාගැනීමට සමත් විය.







































