
සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන තෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ජයගැනීමට ඉන්දිය කණ්ඩායමට ලකුණු 338ක ඉලක්කයක් හිමිව තිබේ.
තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දිය කණ්ඩායමේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 08ක් දැවි ලකුණු 337ක් රැස්කරගැනීමට සමත් විය.
එහිදී ඩර්යල් මිචල් ලකුණු 137ක් ග්ලෙන් පිලිප්ස් ලකුණු 106ක් ලබාගැනීමට සමත් වූහ.
පන්දුයැවීමේදී අර්ෂදීප් සිං සහ හර්ෂිත් රානා කඩුලු තුන බැගින් දවාගත්තහ.
තරගය පැවැත්වෙන්නේ, ඉන්දියාවේ රාජ්කෝට්හිදීය.







































