
මංගල විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ඉතාලි කණ්ඩායම නම් කර තිබේ.
එහි නායකත්වය දරනු ලබන්නේ, ව්‍යාන් මඩ්සෙන් විසිනි.
ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයට දකුණු අප්‍රිකානු හිටපු ක්‍රීඩක ජේ.ජේ ස්මුට් සහ හෙන්රි මැනෙන්ටි, බෙන්ජමින් මැනෙන්ටි මෙන්ම ඇන්තනි මොස්කා, ජස්ටින් මොස්කා යන සහෝදරයින් සිව් දෙනෙකු ද ඇතුළව සිටීමත් විශේෂත්වයකි.
ඉතාලි කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිය සඳහා රැගෙන ආ කණ්ඩායම් නායක ජෝ බර්න්ස්‌ව අදාළ සංචිතයෙන් ඉවත් කර ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ජෝ බර්න්ස් ඔස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම නියෝජනය කළ අයෙකි.
2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ 'සී' කාණ්ඩය යටතේ ඉතාලිය තරග කිරීමට නියමිත අතර බංගලාදේශය, එංගලන්තය, නේපාලය සහ දකුණු අප්‍රිකාව ඔවුන්ගේ ප්‍රතිවාදීන් වෙයි.









































