header logo
SLIC
උණුසුම් පුවත්
භාණ්ඩ අලෙවියේ දී නිසි ලේඛන හෝ බිල්පත් අනිවාර්යයි
1h ago
භාණ්ඩ අලෙවියේ දී නිසි ලේඛන හෝ බිල්පත් අනිවාර්යයි
EDEX

විකිණීමට, ගබඩා කිරීමට හෝ බෙදාහැරීමට තබා ඇති භාණ්ඩවල මූලාශ්‍රය තහවුරු කළ හැකි නිසි ලේඛන හෝ බිල්පත් අනිවාර්යයෙන්ම ළඟ තබාගත යුතු බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වෙළෙඳ ප්‍රජාවට දැනුම්දී තිබේ.

අධිකාරිය විසින් නිකුත් කර ඇති විධාන අංක 83 යටතේ, නිෂ්පාදකයින්, ගබඩා හිමියන්, සැපයුම්කරුවන්, බෙදාහරින්නන් සහ සියලුම වෙළෙඳුන් සඳහා මෙම නීතිය 2022 අප්‍රේල් 27 දින සිට ක්‍රියාත්මක වෙමින් පවති.

ඒ අනුව, බිල්පතක අඩංගු විය යුතු අත්‍යවශ්‍ය තොරතුරු වන්නේ,  සැපයුම්කරුගේ නම සහ ලිපිනය, මිලදී ගත් දිනය සහ මිලදී ගත් මිල, භාණ්ඩයේ වර්ගය, ප්‍රමාණය සහ අදාළ නම් කාණ්ඩ අංකය යන තොරතුරුය.

“භාණ්ඩ තියෙනවා, හැබැයි කාගෙන් ගත්තද කියන්න බෑ” යන තත්ත්වය ව්‍යාපාරයකට විශාල අවදානමක් බව අධිකාරිය පවසයි.

විශේෂයෙන් ආනයනික භාණ්ඩ සඳහා නිසි බිල්පතක් නොමැති වීමෙන් සැපයුම් මාර්ගය සොයාගැනීම අසීරු වේ.

එවැනි අවස්ථාවල පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ට අදාළ වෙළෙන්දාගෙන් ආරම්භ කර තොග වෙළෙඳපොළ සහ ආනයනකරු දක්වා සැපයුම් දාමය පරීක්ෂා කිරීමට සිදුවේ.

වෙළෙඳපොළ පරීක්ෂණ සහ වැටලීම්වලදී මෙම ලේඛන පරීක්ෂා කෙරෙන අතර, නීතිය උල්ලංඝනය කරන අවස්ථාවලදී භාණ්ඩ නඩු භාණ්ඩ ලෙස භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමටත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් කටයුතු කරන බව අධිකාරිය අවධාරණය කරයි.

මෙම නීති ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ නිසි ලෙස ලේඛන පවත්වාගෙන යමින්, වගකීමෙන් යුතුව ව්‍යාපාර කරන සාධාරණ ව්‍යාපාරිකයන් ආරක්ෂා කිරීම බව අධිකාරිය පෙන්වා දෙන අතර ලේඛන රහිත සහ හඳුනාගත නොහැකි නීති විරෝධී සැපයුම් මාර්ග හරහා භාණ්ඩ වෙළෙඳපොළට පැමිණීම වැළැක්වීමද මෙහි ප්‍රධාන කාර්යයක් බව පෙන්වා දී තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට