header logo
SLIC
ක්‍රීඩා
බංග්ලාදේශය නැතිව මෙවර T20 ලෝක කුසලානය?
Jan 13, 202606:18 PM
බංග්ලාදේශය නැතිව මෙවර T20 ලෝක කුසලානය?
EDEX

ආරක්ෂක හේතූන් මත මෙවර විස්සයි20 ලෝක කුසලානයේ තරග ඉන්දියාවේ ක්‍රීඩා නොකිරීමට ගත් තීරණයේ එලෙසම සිටින බව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය (BCB) අද (13) යළිත්වරක් තහවුරු කළේය.

ඉන්දියාවේ ක්‍රීඩාකරන තරග ශ්‍රී ලංකාවට ලබාදෙන්නැයි ඉල්ලා බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් ICCය සමග අද පැවැත් වූ සාකච්ඡාවෙන් අනතුරුව සිය තීරණය දැනුම්දෙමින් මේ බව නිවේදනය කර ඇත.

මෙම සාකච්ඡාවේදී ICCය අවධාරණය කර ඇත්තේ, තරගාවලියේ කාලසටහන මේ වනවිට සකස්කර ඇති බවත්, ඒ හේතුවෙන් සිය ස්ථාවරය වෙනස්කළ නොහැකි බවත්ය.

ICC පෙරේදා දිනයේ දී බංග්ලාදේශයට දැනුම්දී ඇත්තේ, මෙවර ලෝක කුසලානයේ දී බංග්ලාදේශ කණ්ඩායමට ඉන්දියාවේ දී තර්ජනයක් නොමැති බවය.

ඒ හේතුවෙන් තරග කාලසටහන සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව දැනුම්දී ඇත.

ඒ අනුව බංග්ලාදේශයේ ඉල්ලීමට ICCයෙන් සාධාරණ ප්‍රතිචාරයක් නොලැබුණ හොත්, විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ (2007 සිට) අඛණ්ඩව තරගාවලි 9කට සහභාගි වූ බංග්ලාදේශය නොමැතිව මෙවර ලෝක කුසලානය පැවැත්වෙනු ඇත.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම සත්කාරකත්වය දරන මෙවර විස්සයි20 ලෝක කුසලානය පෙබරවාරි 7 වනදා ආරම්භවීමට නියමිතය.

බංග්ලාදේශය මූලික වටයේ ක්‍රීඩාකරන තරග 4න් පළමු තරග තුන කොල්කටාහිදීද, අනෙක් තරගය මුම්බායිහිදී ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ පෙළඹවීම මත එළැඹෙන IPL තරගාවලියෙන් මුස්තාෆිසුර් රහ්මාන් ඉවත්කිරීමට ගත් තීරණය බංග්ලාදේශය, ඉන්දියාවේ තරග ක්‍රීඩාකිරීමට ප්‍රතික්ෂේප කිරීමට ප්‍රධාන ලෙස බලපෑ කරුණ විය.

ඒ හේතුවෙන් මේ වනවිට බංග්ලාදේශය තුළ IPL තරගාවලිය විකාශනය කිරීමටද තහනම් කර ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට