නීතිවිරෝධීව මෝරුන් ඇල්ලූ 6ක් අත්අඩංගුවට
January 6, 2026 12:46 pm
නීතිවිරෝධී ලෙස අල්ලා ගත් මෝර මසුන් කිලෝග්‍රෑම් 850 කට අධික ප්‍රමාණයක් සමඟ ධීවරයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වෙන්නප්පුව, වැල්ලමන්කර ධීවර වරායේ අද (06) අලුයම ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකාය විසින් සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී, බහුදින ධීවර යාත්‍රාව තුළ සඟවා තිබිය දී මෙම මෝර මසුන් සොයාගෙන ඇත.
වෙරළාරක්ෂක බළකා නිලධාරීන් භාරයට ගත් මෝර මසුන් සහ ධීවර යාත්‍රාව සමඟ සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සහ නීතිමය කටයුතු සඳහා වැල්ලමන්කර ධීවර පරීක්ෂක කාර්යාලයට භාර දී තිබේ.
