
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පසුගියදා ඉන්දියාවේ සාංචි මහා පුදබිමට පැමිණ අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා සහ ධර්මාශෝක රාජදවස ඉදිකළ සාංචි චෛත්‍ය සංකීර්ණය වැඳපුදා ගනු ලැබීය.
බෝපාල්හි පැවති අන්තර්ජාතික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ සමුළුවකට සහභාගි වූ අගවිනිසුරුවරයා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 9 දෙනකු මෙලෙස සාංචි පුදබිමට පැමිණි එම පුරාවිද්‍යා ස්මාරක නැරඹීමට එක්ව ඇත.
මෙම අවස්ථාවට මියන්මාරයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සහ එරට මහාධිකරණ විනිසුරුවරුන් පිරිසක්ද පැමිණ තිබේ.
සාංචි චේතියගිරි විහාරාධිකාරී ලෙස කටයුතු කරන ලබන්නේ බානගල විමලතිස්ස හිමියෝය.




































