header logo
SLIC
වෙනත් පුවත්
ආපදාවෙන් බිඳණු සිත් සුවපත් කිරීමට Healing Sri Lanka
Dec 23, 202510:01 AM
ආපදාවෙන් බිඳණු සිත් සුවපත් කිරීමට Healing Sri Lanka
EDEX

ආපදාවෙන් බිඳවැටුණු ගම් නගර Rebuilding Sri Lanka යටතේ ගොඩනැගෙමින් පැවතෙද්දි ආපදාවෙන් බිඳවැටුණු සිත් ගොඩනැංවීම සඳහා “Healing Sri Lanka” නම් මෙහෙයුම ආරම්භ කරන බව කාන්තා සහ ළමා කටයුතු ඇමතිනි සරෝජා පෝල්රාජ් මහත්මිය පැවසුවාය.

ඊයේ (22) දින බත්තරමුල්ල සුහුරුපාය පරිශ්‍රයේ පැවැති පසු ආපදා උපදේශන සේවය ක්‍රියාත්මක කිරීම සඳහා පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනට සහභාගී වෙමින් අමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂන සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය ඒකාබද්ධව එම අමාත්‍යාංශයන්ට අනුබද්ධිත උපදේශන නිලධාරීන් පසු ආපදා උපදේශනය සඳහා විශේෂයෙන් පුහුණු කිරීම මෙම වැඩමුළුව හරහා සිදු කෙරේ.

දිනක් පුරාවට පැවති මෙම වැඩසටහ තුළ පවුල් පාදක උපදේශනය, ළමුන් සඳහා විශේෂ මනෝ සමාජයීය උපදේශනය ඇතුළු ක්ෂේත්‍ර රාශියක් පිළිබඳ අවධානය යොමුකර තිබිණ.

මෙම අවස්ථාවට ජ්‍යේෂ්ඨ මනෝවිද්‍යා උපදේශක මහනුවර වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා, වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි මහත්මිය, වෛද්‍ය චතුර අබේසූරිය මහතා ඇතුළු විශේෂඥ මණ්ඩලයක් විසින් සම්පත්දායකත්වය සැපයනු ලැබූ අතර, කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන, අමාත්‍යාංශ ලේකම් තරංගනී වික්‍රමසිංහ, අමාත්‍යාංශ අතිරේක ලේකම්වරුන් ප්‍රමුඛ අංශ ප්‍රධානීන්, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය; ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂන සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයන්ට අයත් උපදේශන නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට