header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මාලිමා මන්ත්‍රී ශාන්තගේ පහරදීමේ සිදුවීම ගැන පොලීසියෙන් නිවේදනයක්
Dec 22, 202507:42 AM
මාලිමා මන්ත්‍රී ශාන්තගේ පහරදීමේ සිදුවීම ගැන පොලීසියෙන් නිවේදනයක්
Mobitel 1278

ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා ඇතුළු පිරිසක් විසින් පොලිස් නිලධාරියෙකුට කළ බව කියන පහරදීමක් සම්බන්ධව වාර්තා වන කරුණුවලට අදාළව පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ පසුගිය 20 වැනි දින රාත්‍රී 08.40ට පමණ සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙකු ඔහුගේ රාජකාරි නිම කර නිවසට යමින් සිටියදී කළුගල පන්සල අසලදී අදාළ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් තමාට පහරදී යතුරුපැදිය පැහැරගෙන ගිය බවට 119 මධ්‍යස්ථානය මගින් කොළොන්න පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ලැබුණු බවය.

එදින රාත්‍රී 10.10ට පමණ ජාතික ජනබලවේග රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා විසින් ද කළුගල සිට හල්වින්න දෙසට කැබ් රථයෙන් ගමන් කරමින් සිටියදී සූරියකන්ද පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙකු ඔහුගේ යතුරුපැදිය හරස් කර තම කැබ් රථය නවතා මාර්ගය අවහිර කර පහරදීමට තැත් කළ බව දන්වමින් කොළොන්න පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකර ඇති බවත් පොලීසිය සිය නිවේදනයේ සඳහන් කර ඇත.

එමෙන්ම පොලිස් කොස්තාපල්වරයාගේ යතුරුපැදිය කළුගල පන්සල අසල මාර්ගයේ තිබී කොළොන්න පොලිස් භාරයට ගෙන ඇති අතර අදාළ පොලිස් නිලධාරියා කොළොන්න රෝහලට ඇතුළත් වීමෙන් පසු ඇඹිලිපිටිය රෝහල වෙත මාරු කර යවා ඇති බවත් පොලීසිය සිය නිවේදනයේ සඳහන් කර ඇත.

අදාළ නිවේදනය මගින් පොලීසිය සඳහන් කර ඇත්තේ රෝහලේ රෝගී කාර්ය සටහන් වාර්තාවේ ප්‍රශ්වාස වාතයේ ඇල්කොහොල් ගඳ වහනය වන බවට වෛද්‍ය වාර්තාවේ සටහන්ව ඇති බවත් නිලධාරියාගේ මුත්‍රා සාම්පල්වල මත්ද්‍රව්‍ය සාන්ද්‍රන්‍ය නොමැති බැවින් රුධිරයේ සාම්පල් ලබා ගෙන මත්පැන් භාවිත කර සිට ඇද්ද යන්න පරීක්ෂා කිරීම සඳහා රජයේ රස පරීක්ෂක කාර්යාලය වෙත යොමු කිරීමට කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවත්ය.

එමෙන්ම සිදුවූ බව කියන මෙම සිදුවීම සම්බන්ධව ඇඹිලිපිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පොලීසිය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත.

මාලිමා මන්ත්‍රී ශාන්තගේ පහරදීමේ සිදුවීම ගැන පොලීසියෙන් නිවේදනයක් by poornima

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

 රටම ආදරේ කරන අග්බෝ එකපාරට කැලෙන් මතුවූ හැටි...

රටම ආදරේ කරන අග්බෝ එකපාරට කැලෙන් මතුවූ හැටි...

''ආවරණයක් දෙන්නේ නෑනේ.. පොල්අතු වහලක් ගහලා 4දෙනෙක් අල්ලන් ඉන්න'' | Ada Derana

''ආවරණයක් දෙන්නේ නෑනේ.. පොල්අතු වහලක් ගහලා 4දෙනෙක් අල්ලන් ඉන්න'' | Ada Derana

මාතර, තලල්ල වෙරළෙන් මතුවූ අබිරහස් ගමන් මලු - දෙහිබාලේ මල්ලි එවූ අයිස් බවට සැකයක් | Ada Derana

මාතර, තලල්ල වෙරළෙන් මතුවූ අබිරහස් ගමන් මලු - දෙහිබාලේ මල්ලි එවූ අයිස් බවට සැකයක් | Ada Derana

උඩදුම්බර නගරයට ආ මහා සඟරුවන - ඥානසාර හිමිට නිදහස ඉල්ලයි - බුදුදහම රැකගන්න පාගමනක | Ada Derana

උඩදුම්බර නගරයට ආ මහා සඟරුවන - ඥානසාර හිමිට නිදහස ඉල්ලයි - බුදුදහම රැකගන්න පාගමනක | Ada Derana

කුඩු අංජුගේ ගෝලයෙක් අයිස් එක්ක මාට්ටු - මත්ද්‍රව්‍ය ප්‍රවාහන කරනවාට වරකට රු. 20,000 ගානේ දීලා

කුඩු අංජුගේ ගෝලයෙක් අයිස් එක්ක මාට්ටු - මත්ද්‍රව්‍ය ප්‍රවාහන කරනවාට වරකට රු. 20,000 ගානේ දීලා

''අදහස් පළ කරන්න..ෆේස්බුක් පෝස්ට් එකක් දාන්න තියෙන නිදහස අහෝසිවෙලා'' | Ada Derana

''අදහස් පළ කරන්න..ෆේස්බුක් පෝස්ට් එකක් දාන්න තියෙන නිදහස අහෝසිවෙලා'' | Ada Derana

''සිවුරට අත තියන්න කිසිම ගිහියෙකුට බෑ'' - ''ලොකු වරදක් කළේ'' | Ada Derana

''සිවුරට අත තියන්න කිසිම ගිහියෙකුට බෑ'' - ''ලොකු වරදක් කළේ'' | Ada Derana

ජර්මන් දන්නා මහාචාර්යවරයෙකු හදිසියේම සත්‍යග්‍රහ භූමියට | Ada Derana

ජර්මන් දන්නා මහාචාර්යවරයෙකු හදිසියේම සත්‍යග්‍රහ භූමියට | Ada Derana

ඇප ප්‍රතික්ෂේප වූ නාමල් හා ජානකී - අධිකරණයේදී තවත් කරුණු එළියට | Ada Derana

ඇප ප්‍රතික්ෂේප වූ නාමල් හා ජානකී - අධිකරණයේදී තවත් කරුණු එළියට | Ada Derana

රාජ්‍ය ඇමති කාලයේ කරපු වැඩවලට චාමරට වැටුණු නඩු - අද ලැබුණු නියෝගය | Ada Derana

රාජ්‍ය ඇමති කාලයේ කරපු වැඩවලට චාමරට වැටුණු නඩු - අද ලැබුණු නියෝගය | Ada Derana

 විහාර මහාදේවී උද්‍යානයේ අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට දින 8යි | උදෑසන නවතම තත්ත්වය...

විහාර මහාදේවී උද්‍යානයේ අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට දින 8යි | උදෑසන නවතම තත්ත්වය...

විහාර මහාදේවී භූමිය වටකළ පිරිසට ඇසෙන්න කස්සප හිමි සැරට කියයි..

විහාර මහාදේවී භූමිය වටකළ පිරිසට ඇසෙන්න කස්සප හිමි සැරට කියයි..

අධිකරණ නියෝගයත් සමඟ කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසල නොසන්සුන් තත්ත්වයක්

අධිකරණ නියෝගයත් සමඟ කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසල නොසන්සුන් තත්ත්වයක්

 ලංකාවට ආපු තායිලන්ත නි.අගමැතිව නොසලකා හැරීම ගැන දිලිත් ආණ්ඩුවට සැරට කියාදෙයි

ලංකාවට ආපු තායිලන්ත නි.අගමැතිව නොසලකා හැරීම ගැන දිලිත් ආණ්ඩුවට සැරට කියාදෙයි

Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

 විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

අයවැයට IMF ඇහැගහගෙන

අයවැයට IMF ඇහැගහගෙන

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී  ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්