header logo
Vallibel FD
උණුසුම් පුවත්
මාලිමා මන්ත්‍රී පහරදුන් බව කියන සිද්ධියේ කොස්තාපල් වෛද්‍ය පරීක්ෂණයකට
Dec 21, 202507:47 PM
මාලිමා මන්ත්‍රී පහරදුන් බව කියන සිද්ධියේ කොස්තාපල් වෛද්‍ය පරීක්ෂණයකට
Mobitel 1278

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා පහරදුන් බව කියන පොලිස් කොස්තාපල්වරයාව වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමට තීරණය කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේ, අදාළ පොලිස් කොස්තාපල්වරයා එම සිදුවීම සිදුවන අවස්ථාවේ බීමතින් සිට ඇති බවට සැක පළ වී ඇති බවය.

ඒ සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත පොලිස් කොස්තාපල්වරයා යොමු කර වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා තමාට පහරදුන් බවට පවසමින් පොලිස් කොස්තාපල්වරයකු පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම්දී තිබුණි.

සූරියකන්ද පොලීසියට අනුයුක්තව සේවය කරන ඔහු පසුගියදා ඇඹිලිපිටිය ප්‍රදේශයේ අදාළ මන්ත්‍රීවරයාගේ ඥාතියකුට අයත් ගංජා වැටලීමක් සිදුකළ පොලිස් කොස්තාපල්වරයකු බව සඳහන් වේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුඩ්ලර් මහතා සඳහන් කළේය.

එම සිදුවීම සිදුවූ ප්‍රදේශයේ සී.සී. ටී.වී දර්ශන සහ අදාළ ස්ථානයේ රැදී සිටි පුද්ගලයින්ගේ සාක්ෂි ලබාගෙන ඒ පිළිබඳව මූලික විමර්ශන මේ වන විටත් සිදුකර ඇති බව ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් තමන් එලෙස කිසිදු පහරදීමක් සිදු නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා පවසයි.

අදාළ පොලිස් කොස්තාපල්වරයා තමා ගමන් ගත් මෝටර් රථය නතර කර තර්ජනය කිරීමක් සිදු කිරීම සම්බන්ධයෙන් කොලොන්න පොලිසියට පැමිණිල්ලක් ද සිදු කළ බව ශාන්ත පද්මකුමාර මන්ත්‍රීවරයා සඳහන් කළේය.

අදාළ සිද්ධියට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයාගේ බිරිද සඳහන් කළේ තම සැමියා විසින් ඊයේ රාත්‍රී දුරකථනයෙන් අමතා මෙම පහරදීම පිළිබදව දැනුම් දුන් බවය.

අනතුරුව ඔහු රෝහල්ගත කිරීමට තමන් ඇතුළු පිරිසක් කටයුතු කළ බව පොලිස් කොස්තාපල්වරයාගේ බිරිඳ සඳහන් කළාය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

පොළොන්නරුවේ තැන තැන වැසි

පොළොන්නරුවේ තැන තැන වැසි

කාලගුණයෙන් අලුත්ම දැනුම්දීම...

කාලගුණයෙන් අලුත්ම දැනුම්දීම...

නාමල් බලන්න ශිරන්ති සහ රෝහිත වැලිකඩට යයි

නාමල් බලන්න ශිරන්ති සහ රෝහිත වැලිකඩට යයි

දක්ෂිණ අධිවේගයේදී මෝටර් රථයක්  ආරක්ෂිත වැටේ ගැටී අනතුරක

දක්ෂිණ අධිවේගයේදී මෝටර් රථයක් ආරක්ෂිත වැටේ ගැටී අනතුරක

වෑන් රථයක් අළු කළ ගින්න

වෑන් රථයක් අළු කළ ගින්න

ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර  | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා - වන්දනාකරුවන් බරණැස ඉසිපතන මිගදාය වෙත | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා - වන්දනාකරුවන් බරණැස ඉසිපතන මිගදාය වෙත | Ada Derana

රටකජු ගොවීන්ගේ කඳුළු කතාව - ''කිසිම මිලක් නෑ...තුට්ටු දෙකට ඉල්ලන්නේ'' | Ada Derana

රටකජු ගොවීන්ගේ කඳුළු කතාව - ''කිසිම මිලක් නෑ...තුට්ටු දෙකට ඉල්ලන්නේ'' | Ada Derana

සූදු කෙළියට ඉන්දියාවෙන් ලංකාවට ගෙනා පරවියෝ - පෙට්ටි 6ක් බෝට්ටුත් එක්කම මාට්ටු | Ada Derana

සූදු කෙළියට ඉන්දියාවෙන් ලංකාවට ගෙනා පරවියෝ - පෙට්ටි 6ක් බෝට්ටුත් එක්කම මාට්ටු | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමදා ඉටුවුණ රවීගේ සිහිනය | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමදා ඉටුවුණ රවීගේ සිහිනය | Ada Derana

එජාප - සබජ දීගේ ගැන කියන තලතා - ''එයාලත් අපේ කොටසක්, එක්සත් නිසා තමයි සියලුම පක්ෂ අද මෙතැනට ආවේ''

එජාප - සබජ දීගේ ගැන කියන තලතා - ''එයාලත් අපේ කොටසක්, එක්සත් නිසා තමයි සියලුම පක්ෂ අද මෙතැනට ආවේ''

ගිනි අව්ව පරදා පොළොන්නරුවට තද වැසි | Ada Derana

ගිනි අව්ව පරදා පොළොන්නරුවට තද වැසි | Ada Derana

Lassana Flora
Spotlight
 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට