header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
කාදිනල් හිමිපාණන් ආණ්ඩුවෙන් කළ ඉල්ලීම
Dec 21, 202510:43 AM
කාදිනල් හිමිපාණන් ආණ්ඩුවෙන් කළ ඉල්ලීම
Mobitel 1278

දෙමව්පියන්ගෙන් අයිතිවාසිකම් උදුරාගත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රමයක් රජය විසින් ඉදිරිපත් කරගෙන යන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

ඊයේ හංවැල්ල පහත්ගම අප ශුද්ධ වූ ජුසේ මුනිදුන්ගේ දේවස්ථානයේ පැවැති උත්සවයකට එක් වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ .

"අද සමාජය තුළ විවාහ ජීවිතය කඩාකප්පල් කරන නොයෙකුත් වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එක දෙයක් තමයි මේ ළඟදී අපේ සමාජයේ අපේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සකස් කරන ලද ඒ ලිංගික අධ්‍යාපනය පිළිබඳ පාඨමාලාවේ මොනවද මේ දරුවන්ට කරන්නේ කියලා. අවුරුදු හයක වයසේ දරුවන්ගෙන් පටන් අරගෙන, වැඩිමල් වියට යනකම්ම දරුවන්ට මෙන්න මේ ලිංගික අධ්‍යාපනය තුළින් විවිධාකාර විෂමතා උගන්වන, ඒවා කරන්නට පුළුවන්, ඒවා හොඳයි, ඒවායින් වරදක් නැහැ කියලා උගන්වන. දෙමව්පියන්ගෙන් මේ අයිතිවාසිකම උදුරාගත්තු, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රමයක් අද සමාජයේ පවතින රජය විසින් ඉදිරිපත් කරගෙන යනවා අපි දකිනවා. ඒක අපිට පිළිගන්න බැහැ."

"අපේ ශ්‍රී ලංකාව තුළ, අපිට තියෙනවා උරුමයෙන්ම ආපු සංස්කෘතියක්, සභ්‍යත්වයක්, වටිනාකම් දහරක්, විශේෂයෙන්ම අපි අදහන, ආගම බුද්ධාගම, හින්දු ආගම, මුස්ලිම් ආගම, ක්‍රිස්තියානි මේ ධර්මතාවයන් සියල්ලේම ප්‍රතිපත්ති වලින් සංස්කරණය වෙච්ච මානුෂීය සංස්කෘතික ප්‍රතිපත්ති මාලාවක් තියෙනවා. විවාහ ජීවිතය පිළිබඳව, දරුවන් පිළිබඳව, දරුවන් හදා වඩා ගැනීම පිළිබඳව, ලිංගිකත්වය පිළිබඳව, යම් ආදර්ශ මාලාවක්, නීති මාලාවක්, සමාජය තුළ සකස් වී තිබෙනවා."

නමුත් මේ සියල්ලම අතහැරලා දාලා, මේ බටහිර ලෝකයේ සිදුවෙන නොයෙකුත් විෂමතාවයන්, ඔවුන්ගෙන් මුදල් අපිට හම්බවුණා කියලා, ඒ මුදල්වලට වැඳලා අපි අපේ ප්‍රතිපත්ති පාවා දෙනවා නම්, එවැනි කිසිම රජයකට අයිතියක් නැහැ මේ රට පාලනය කරන්න. මේ රටේ සංස්කෘතික උරුමයට අත තියෙනවා නම්. අන්න ඒක අපි ඔය දේශපාලන ලෝකයේ ඉන්න ඔක්කොම නායකයන්ට කියන්නට අව්‍යයයි. කරුණාකරලා ඔයාලට අයිති වෙච්ච කොටස විතරක් කරන්න. ඔයාලට අයිති නැති දේවල් කරන්න යන්න එපා."

එක්සත් ජාතීන්ගේ මණ්ඩලය හෝ එක්සත් ජාතීන්ගේ දරු උපත් පාලන සංවිධාන හෝ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ විවිධ සංවිධාන අපිට පටවන සල්ලිත් එක්ක අපිට දෙන ඒ වැරදි අදහස්, වැරදි ආකල්ප නිසා අපේ සංස්කෘතික පසුබිම විනාශ කරලා, අපේ ආගමික පසුබිම විනාශ කරලා, අපේ දරු පවුල් විනාශ වෙන ආකාරයට අපේ දරුවන්ව, දෙමව්පියන්ට විරුද්ධව හරිගස්සන ආකාරයට දරුවෝ දෙමව්පියන්ට කීකරු නැහැ. දරුවන්ට ඕන ඕන දේ කරන්න ඉඩ දෙනවා. මෙන්න මේ විදිහේ ක්‍රමවේද තුළ දරුවන්ටත් යම් ගෞරවයක් අප තුළ තිබිය යුතුයි. දරුවාටත් මානව අයිතිවාසිකම් තියෙනවා. ඒක ඇත්තයි. නමුත් දරුවාව දෙමව්පියන්ට විරුද්ධ කරන එක ඒක නෙමෙයි මානව අයිතිවාසිකම කියන්නේ. දෙමව්පියෝ සහ දරුවන් අතර තිබිය යුත්තේ ආදරයේ පසුබිමක්."

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana