header logo
SLIC
උණුසුම් පුවත්
අම්බොක්කේ ඛේදවාචකය - එකම පවුලේ හත්දෙනෙකුගේ සිරුරු සොයාගත් සුරතලා
Dec 10, 202510:22 AM
අම්බොක්කේ ඛේදවාචකය - එකම පවුලේ හත්දෙනෙකුගේ සිරුරු සොයාගත් සුරතලා
EDEX

මාතලේ, පල්ලේපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අම්බොක්ක ගම්මානයේ කඳුපන්තිය මේ වනවිට අවදානම් තත්ත්වයක පවතී.

පැවති වර්ෂාව සමඟ මෙම තත්ත්වය උද්ගත වී ඇති අතර, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ අවදානය ඉතා ඉක්මනින් මේ සම්බන්ධයෙන් යොමුකර ජනතාව දැනුවත් කරන මෙන් ගම්වාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

පසුගිය දා ඇති වූ ආපදා තත්ත්වය සමඟ කන්දක් නායයෑමෙන් ගම්මානයේ නිවසක සිටි එකම පවුලේ හත්දෙනෙකුට දිවි අහිමි වුණි.

මියගිය අයගේ දේහයන් මිහිදන් කළ ද මේ වනවිටත් එම ප්‍රදේශය පස්වලින් සම්පූර්ණයෙන්ම යට වී තිබේ.

පස්වලට යටවූ නිවසේ සුන්බුන් පවා සොයාගැනීමට නොහැකි බව ගම්මුන් පවසති.

මේ සියල්ල මැද එම ස්ථානයට ගිය අපට අසන්නට සිදුවුයේ ඉතා සංවේදී පුවතකි.

එනම් එකම පවුලේ හත්දෙනෙකු පස් අතර සැඟව ගොස් ඇති බව ආරංචි වුවත් ඔවුන්ගේ සිරුරු සෙවීම ඉතා අසිරු වූ මොහොතක නිවසේ සිටි සුනඛයා පස් අතර සැඟවුණු නිවැසියන්ව සියලුදෙනාගේම හදවත් කම්පා කරමින් සොයා ගැනීමට සමත්විමයි.

අම්බොක්ක ගම්මානයේ පවුල් අසූවක් පමණ මේ වන විට ඉවත් කොට විහාරස්ථානයක සහ ඔවුන්ගේ පෞද්ගලික හිතවත් නිවෙස්වල ජීවත් වන බව ගම්මුන් පවසති.

නායයෑම් සිදුවීම හේතුවෙන් නිරන්තරයෙන් නිලධාරීන් පැමිණ ඉවත් වෙන ලෙසට දැනුම්දී ඇති බව ද ඔවුන් සඳහන් කළේය.

එහෙත් නිසි වාර්තාවක් හෝ අධ්‍යයනයක් නොමැතිව මෙලෙස නිවෙස්වලින් ඉවත්වෙන ලෙස දැනුම්දීම හේතුවෙන් තමන්ට ස්ථාවරත්වයක් සකසා ගැනීම අසීරු වී ඇතැයි ද ප්‍රදේශවාසීන් පවසයි.

එම නිසාවෙන් පාසල් ආරම්භයට පෙර කඩිනමින් ගම්මානයේ ආපදා තත්ත්වය පිළිබඳව වාර්තාවක් ලබාදෙන මෙන්ද ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

https://youtu.be/FP7Z1tgD43I
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට