header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ක්‍රීඩකයින් නැවත පැමිණිය හොත් වසර 2ක ක්‍රිකට් තහනමක් ?
Nov 13, 202512:33 PM
ක්‍රීඩකයින් නැවත පැමිණිය හොත් වසර 2ක ක්‍රිකට් තහනමක් ?
Mobitel 1278

පාකිස්තානයේ සිදුවූ බෝම්බ පිපිරීමෙන් පසු වහාම මෙරටට පැමිණීමට එරට රැඳීසිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ඉල්ලා සිටීමත් සමඟ ඊයේ (12) රාත්‍රියේ ඒ සම්බන්ධව උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබුණි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා රජයේද මැදිහත්වීමෙන් පාකිස්තාන බලධාරීන් ක්‍රීඩකයන්ට උපරිම ආරක්ෂාව සහතික කිරීම නිසා සුපුරුදු පරිදි තරගාවලියට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එකඟතාව පළ කර තිබේ.

ඒ අනුව එක්දින තරගාවලියේ දෙවැනි තරගය හෙට (14) දිනයේත්, තුන්වැනි තරගය නොවැම්බර් 16 වැනිදාත් පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියකට සහ ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර තුන්කොන් විස්සයි 20 තරගාවලියකට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා පාකිස්තානය බලා පිටත්ව ගියේය.

ශ්‍රී ලංකා - පාකිස්තාන පළමු එක්දින තරගය පසුගිය අගහරුවාදා රාවල්පින්ඩි හිදී පැවති අතර එම තරගය ආරම්භ වීමට සුළු වේලාවකට පෙර ඉස්ලාමාබාද් නුවර බෝම්බ පිපිරීමක් සිදුවුණි.

ඉන් පුද්ගලයින් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්විය.

අදාළ බෝම්බ පිපිරීම සිදුවී තිබුණේ තරගය පැවති රාවල්පින්ඩි නුවරට කිලෝමීටර 17ක දුරිනි.

එම සිදුවීමත් සමග පාකිස්තානය තුළ ඇති ආරක්ෂාව පිළිබඳ ගැටලුකාරි තත්ත්වයක් ඇතිවිය හැකි බව පවසමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 16 දෙනෙක් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටි බව ක්‍රිකට් ආරංචි මාර්ග ඊයේ සඳහන් කළේය.

ඒ හේතුවෙන් අද පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින තරගය වෙනුවෙන් ඊයේ පැවති පුහුණු සැසියටද ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වී තිබුණේ නැත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා - පාකිස්තාන තරගාවලියේ විස්තර විචාරයට එක්ව සිටින ප්‍රවීණ විස්තර විචාරක රොෂාන් අබේසිංහ සඳහන් කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට උපරිම ආරක්ෂාවක් ලබාදී ඇති අතර ආරක්ෂාව පිළිබඳ කිසිඳු ගැටලුවක් නොමැති බවය.

මේ අතර ක්‍රීඩකයින් නැවත ශ්‍රී ලංකාව වෙත පැමිණීමට ඉල්ලා ඇති බව කණ්ඩායම් කළමනාකාරිත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැන්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වහාම පාකිස්තාන ක්‍රිකට් ආයතනය සමග අදාළ ගැටලුව පිළිබඳ සාකච්ඡා කර තිබේ.

ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ අදාළ සාකච්ඡාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ උපරිම ආරක්ෂාව තහවුරු කිරීමටත්, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිදුකළ ඉල්ලීම් කිහිපයකට එකඟතාව පළකිරීමටත් පාකිස්තාන ක්‍රිකට් ආයතනය කටයුතු කළ බවය.

අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට සහ පුහුණු කාර්ය මණ්ඩලයට සැලසුම් කළ පරිදි තරගාවලියට සහභාගිවන ලෙස දැන්වූ බවද අදාළ නිවේදනයේ සඳහන් ය.

එවන් පසුබිමක කිසියම් ක්‍රීඩකයෙක් හෝ පුහුණුකරුවෙක් නැවත දිවයිනට පැමිණියොත් ඒ සඳහා අතිරේක ක්‍රීඩකයින් තරගාවලියට යොමු කිරීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුවී තිබුණි.

එමෙන්ම එලෙස යම් ක්‍රීඩකයෙක් නැවත ශ්‍රී ලංකාවට පැමිණියහොත් ඔහුට වසර දෙකකට වැඩි කාලයක් සඳහා ක්‍රිකට් තහනම් කිරීමටද ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුවී ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර පාකිස්තානය තුළදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලබාදෙන ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි පාකිස්තාන ආරක්ෂක ප්‍රධානීන් සමඟ තමා පෞද්ගලිකවම සාකච්ඡා කළ බව ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා අද දෙරණට සඳහන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැඳීසිටින හෝටලයේදී පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති මොෂීන් නක්වි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සහ පුහුණු කාර්ය මණ්ඩලය සමග ඊයේ රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

මොෂීන් නක්වී පාකිස්තාන රජයේ අමාත්‍යවරයෙක් ලෙසද කටයුතු කරන අතර ඔහු රජය පාර්ශ්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදෙන ආරක්ෂාව පිළිබඳවද සියයට සියයක සහතිකයක්ද ඊයේ ලබාදී ඇති බව වාර්තා විය.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්දින තරගාවලියේ ඉතිරි තරග දෙකත්, ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ සහභාගි වන තුන්කොන් විස්සයි 20 තරගාවලියත් කාලසටහනේ වෙනසක් සමග පැවැත්වීමට කටයුතු කරන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළේය.

ඒ අනුව අද පැවැත්වීමට නියමිතව තිබු දෙවැනි එක්දින තරගය හෙට දක්වා කල් දමා ඇති අතර අවසන් එක්දින තරගය එළඹෙන 16 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

එමෙන්ම තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ලාහෝර් නුවර පැවැත්වීමට නියමිතව තිබූ තරග සියල්ල රාවල්පින්ඩි හිදීම පැවැත්වීමට නියමිත බවද පාකිස්තාන ක්‍රිකට් ආයතනය පැවසීය.

තුන්කොන් විස්සයි 20 තරගාවලිය නොවැම්බර් 18 වැනිදා සිට නොවැම්බර් 29 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

MostRead
Mobitel 1278
VideoStories
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක් | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..