header logo
SLIC
උණුසුම් පුවත්
ක්‍රීඩකයින් නැවත පැමිණිය හොත් වසර 2ක ක්‍රිකට් තහනමක් ?
Nov 13, 202512:33 PM
ක්‍රීඩකයින් නැවත පැමිණිය හොත් වසර 2ක ක්‍රිකට් තහනමක් ?
Mobitel 1278

පාකිස්තානයේ සිදුවූ බෝම්බ පිපිරීමෙන් පසු වහාම මෙරටට පැමිණීමට එරට රැඳීසිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ඉල්ලා සිටීමත් සමඟ ඊයේ (12) රාත්‍රියේ ඒ සම්බන්ධව උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබුණි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා රජයේද මැදිහත්වීමෙන් පාකිස්තාන බලධාරීන් ක්‍රීඩකයන්ට උපරිම ආරක්ෂාව සහතික කිරීම නිසා සුපුරුදු පරිදි තරගාවලියට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එකඟතාව පළ කර තිබේ.

ඒ අනුව එක්දින තරගාවලියේ දෙවැනි තරගය හෙට (14) දිනයේත්, තුන්වැනි තරගය නොවැම්බර් 16 වැනිදාත් පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියකට සහ ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර තුන්කොන් විස්සයි 20 තරගාවලියකට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා පාකිස්තානය බලා පිටත්ව ගියේය.

ශ්‍රී ලංකා - පාකිස්තාන පළමු එක්දින තරගය පසුගිය අගහරුවාදා රාවල්පින්ඩි හිදී පැවති අතර එම තරගය ආරම්භ වීමට සුළු වේලාවකට පෙර ඉස්ලාමාබාද් නුවර බෝම්බ පිපිරීමක් සිදුවුණි.

ඉන් පුද්ගලයින් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්විය.

අදාළ බෝම්බ පිපිරීම සිදුවී තිබුණේ තරගය පැවති රාවල්පින්ඩි නුවරට කිලෝමීටර 17ක දුරිනි.

එම සිදුවීමත් සමග පාකිස්තානය තුළ ඇති ආරක්ෂාව පිළිබඳ ගැටලුකාරි තත්ත්වයක් ඇතිවිය හැකි බව පවසමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 16 දෙනෙක් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටි බව ක්‍රිකට් ආරංචි මාර්ග ඊයේ සඳහන් කළේය.

ඒ හේතුවෙන් අද පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින තරගය වෙනුවෙන් ඊයේ පැවති පුහුණු සැසියටද ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වී තිබුණේ නැත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා - පාකිස්තාන තරගාවලියේ විස්තර විචාරයට එක්ව සිටින ප්‍රවීණ විස්තර විචාරක රොෂාන් අබේසිංහ සඳහන් කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට උපරිම ආරක්ෂාවක් ලබාදී ඇති අතර ආරක්ෂාව පිළිබඳ කිසිඳු ගැටලුවක් නොමැති බවය.

මේ අතර ක්‍රීඩකයින් නැවත ශ්‍රී ලංකාව වෙත පැමිණීමට ඉල්ලා ඇති බව කණ්ඩායම් කළමනාකාරිත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැන්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වහාම පාකිස්තාන ක්‍රිකට් ආයතනය සමග අදාළ ගැටලුව පිළිබඳ සාකච්ඡා කර තිබේ.

ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ අදාළ සාකච්ඡාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ උපරිම ආරක්ෂාව තහවුරු කිරීමටත්, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිදුකළ ඉල්ලීම් කිහිපයකට එකඟතාව පළකිරීමටත් පාකිස්තාන ක්‍රිකට් ආයතනය කටයුතු කළ බවය.

අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට සහ පුහුණු කාර්ය මණ්ඩලයට සැලසුම් කළ පරිදි තරගාවලියට සහභාගිවන ලෙස දැන්වූ බවද අදාළ නිවේදනයේ සඳහන් ය.

එවන් පසුබිමක කිසියම් ක්‍රීඩකයෙක් හෝ පුහුණුකරුවෙක් නැවත දිවයිනට පැමිණියොත් ඒ සඳහා අතිරේක ක්‍රීඩකයින් තරගාවලියට යොමු කිරීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුවී තිබුණි.

එමෙන්ම එලෙස යම් ක්‍රීඩකයෙක් නැවත ශ්‍රී ලංකාවට පැමිණියහොත් ඔහුට වසර දෙකකට වැඩි කාලයක් සඳහා ක්‍රිකට් තහනම් කිරීමටද ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුවී ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර පාකිස්තානය තුළදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලබාදෙන ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි පාකිස්තාන ආරක්ෂක ප්‍රධානීන් සමඟ තමා පෞද්ගලිකවම සාකච්ඡා කළ බව ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා අද දෙරණට සඳහන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැඳීසිටින හෝටලයේදී පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති මොෂීන් නක්වි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සහ පුහුණු කාර්ය මණ්ඩලය සමග ඊයේ රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

මොෂීන් නක්වී පාකිස්තාන රජයේ අමාත්‍යවරයෙක් ලෙසද කටයුතු කරන අතර ඔහු රජය පාර්ශ්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදෙන ආරක්ෂාව පිළිබඳවද සියයට සියයක සහතිකයක්ද ඊයේ ලබාදී ඇති බව වාර්තා විය.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්දින තරගාවලියේ ඉතිරි තරග දෙකත්, ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ සහභාගි වන තුන්කොන් විස්සයි 20 තරගාවලියත් කාලසටහනේ වෙනසක් සමග පැවැත්වීමට කටයුතු කරන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළේය.

ඒ අනුව අද පැවැත්වීමට නියමිතව තිබු දෙවැනි එක්දින තරගය හෙට දක්වා කල් දමා ඇති අතර අවසන් එක්දින තරගය එළඹෙන 16 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

එමෙන්ම තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ලාහෝර් නුවර පැවැත්වීමට නියමිතව තිබූ තරග සියල්ල රාවල්පින්ඩි හිදීම පැවැත්වීමට නියමිත බවද පාකිස්තාන ක්‍රිකට් ආයතනය පැවසීය.

තුන්කොන් විස්සයි 20 තරගාවලිය නොවැම්බර් 18 වැනිදා සිට නොවැම්බර් 29 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

 සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

Lassana Flora
Spotlight
ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා