
කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයීය ත්‍රෛභාෂා ජනමාධ්‍ය කවය මගින් 20 වැනි වරට සංවිධාන කළ ''නින්නාද 2025'' මාධ්‍ය තරගාවලියට සමගාමී මාධ්‍ය දිනය කොළඹ අරලියගහ මන්දිරයේදී පසුගිය පැවැත්වුණි.
දිවයින පුරා පාසල් 250ක සිසු සිසුවියන් 2500කට වැඩි පිරිසක් ඊට එක්විය.
එහි ප්‍රධාන ආරාධිතයා ලෙස මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහභාගී විය.
අංශ රැසක් යටතේ තරග වැදුණු මෙම තරගාවලියේදී නින්නාද අභියෝගතා ශූරතාව මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය දිනා ගත්තාය.
එහි අනුශූරතාව ගාල්ල රිච්මන්ඩ් විදුහලට හිමිවිය.




































