මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන පොලිස්පතිගෙන් ධනාත්මක ප්‍රතිචාරයක්

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන පොලිස්පතිගෙන් ධනාත්මක ප්‍රතිචාරයක්

October 31, 2025   12:09 pm

ආරක්ෂාව ඉල්ලා සිටින මන්ත්‍රීවරුන් සියලුදෙනා සඳහා ආරක්ෂාව ලබාදීමට පොලිස්පතිවරයා සහ කථානායකවරයා එකඟ වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ මහතා සඳහන් කළේය.

විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම මත මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද (31) පාර්ලිමේන්තුවේදී පැවතියේය.

මේ සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාද එක්විය.

එහිදී මන්ත්‍රීවරුන් ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

එහිදී ආරක්ෂාව ඉල්ලා සිටින මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබා දීමට පොලිස්පතිවරයා මෙන්ම කථානායකවරයාද එකඟතාව පළ කර තිබේ.