
දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 12කට අයත් පවුල් 2,351ක පුද්ගලයින් 9,392ක් මේ වනවිට පීඩාවට පත්ව සිටින බව ආපදා කලමණාකරන මධ්‍යස්ථානය පවසයි.
සිදුව ඇති අර්ධ නිවාස හානි සංඛ්‍යාව 377ක් වන අතර පවුල් 32ක් ඥතී නිවෙස්වල රැඳවා සිටින බව වාර්තා වෙයි.
එමෙන්ම පුද්ගලයින් 30 දෙනෙකු තිඹිරිගස්යාය ආරක්ෂිත ස්ථානයේ රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසීය.
මේ අතර ඊයේ (21) දිනයේ උපරිම වර්ෂාපතනය මි. මී 112.8ක් යාපනය දිස්ත්‍රික්කයේ අච්චිවේලි ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.







































