
පොල්පිතිගම කුඹුකුලෑව ප්‍රදේශයේ කුඹුරක තිබි මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ.
මෙම පුද්ගලයා නියර බැඳීමට ගොස් ඇති අතර නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් සිදු කළ සොයා බැලීමක දී මෙලෙස කුඹුරේ තිබී ඔහුගේ මළ සිරුර හමු වී ඇති බව වාර්තා වේ.
පොලීසිය පැවසුවේ අදාළ පුද්ගලයා කුඹුරේ මුණින් අතට වැටී මියගොස් සිට ඇති බවය.
මෙලෙස මියගොස් ඇත්තේ 59 හැවිරිදි මහවැව පාර, කුඹුකුලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව සදහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොල්පිතිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.




































