header logo
SLIC
උණුසුම් පුවත්
ඇප ඉල්ලූ පෙත්සම ශෂීන්ද්‍ර රාජපක්ෂ ඉල්ලා අස්කරගනී
Oct 02, 202510:19 AM
ඇප ඉල්ලූ පෙත්සම ශෂීන්ද්‍ර රාජපක්ෂ ඉල්ලා අස්කරගනී
EDEX

අල්ලස් කොමිසම විසින් පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමන්ව ඇප මත මුදාහරිණ ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගැනීමෙන් අනතුරුව එය නිෂ්ප්‍රභ කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (02) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම ඉල්ලා අස්කර ගන්නා ලෙස තම සේවාදායකයා තමන්ට උපදෙස් ලබා දී ඇති බවයි.

ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ.

එම ඉල්ලීම පිළිගත් කොළඹ මහාධිකරණ විනිසුරුවරයා අදාළ ප්‍රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙමින් එය නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කර ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight