
ගල්කිස්ස වෙරළ තීරයේ දියනෑමට ගිය තරුණයින් තිදෙනෙකු දිය වැලකට හසුවී මුහුදට ගසාගෙන යමින් සිටියදී එම වෙරළ තීරයේ ජීවත ආරක්ෂක රාජකාරි යෙදී සිටි නිලධාරීන් පිරිසක් විසින් බේරා ගෙන තිබේ.
අනතුරින් වැල්ලම්පිටිය, කටුකුරුන්ද හා හෝකන්දර දකුණ ප්‍රදේශවල පදිංචි අවුරුදු 16ක තරුණයින් තිදෙනෙකු මෙලෙස බේරාගෙන ඇත.
මේ අතර ඊයේ (17) මිරිස්ස වෙරළ තීරයේ දියනෑමට ගිය විදේශ ජාතික කාන්තාවක් දිය වැලකට හසුවී මුහුදට ගසාගෙන යමින් සිටියදී එම වෙරළ තීරයේ ජීවත ආරක්ෂක රාජකාරි නිලධාරීන් විසින් බේරා ගෙන තිබේ.
අනතුරට පත් විදේශ ජාතික කාන්තාව වයස අවුරුදු 28ක ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවකි.




































