header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
පෝලිම්වල මියයාමට සිදු වූවා වැනි අර්බුදයක් නැවත ඇතිවීමට ඉඩක් නෑ - ජනපති
පෝලිම්වල මියයාමට සිදු වූවා වැනි අර්බුදයක් නැවත ඇතිවීමට ඉඩක් නෑ - ජනපති
Mobitel 1278

ඉන්ධන, ගෑස් නොමැතිව පෝලිම්වල ජනතාවට මියයාමට සිදු වූ ආකාරයේ අර්බුදයක් නැවත ශ්‍රී ලංකාව තුළ ඇති වීමට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණය තුළ තවත් ඛනිජ තෙල් ටැංකි හයක් ඉදිකිරීමේ කටයුතු අද (17) ආරම්භ කරමිනි.

කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ ඝන මීටර 15,000ක ටැංකි 03ක්, ඝන මීටර 7000ක ටැංකි 02ක් සහ ඝන මීටර 5000ක ටැංකියක් ඇතුළු ගබඩා ටැංකි 06ක ඉදිකිරීමේ කටයුතු මෙසේ ආරම්භ කෙරිණි.

බලශක්ති කේෂ්ත්‍රයේ ස්වාධිපත්‍යය ආරක්ෂා කරමින් ආර්ථික ස්වාධිපත්‍යයක් ළඟා කර ගැනීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා එම ප්‍රගතිශිලී පරිවර්තනය වෙනුවෙන් සියලු ජනතා‍වගේ සහයෝගය ඉල්ලා සිටියේය.

මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

"ජනතාවගේ බලශක්ති අවශ්‍යතාව සපුරාලීම සඳහා රජයට වගකීමක් තිබෙනවා. එම වගකීම ඉටු කිරීම වෙනුවෙන් වත්මන් ආණ්ඩුව කැපවීමෙන් කටයුතු කරනවා. ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ සඳහා කවර හෝ වෘත්තිය සමිතියක් බාධා කරනවා නම් ඒ වෙනුවෙන් තීරණයක් ගන්න අප පැකිළෙන්නේ නැහැ. ගතානුගතික සම්ප්‍රදායෙන් ආයතනයකට ඉදිරියට යන්න බැහැ. ඒවගේම මිනිස් ශ්‍රමයෙන් පමණක් ආයතනයක් ඉදිරියට යන්නේත් නැහැ. ආයතනයක් ඉදිරියට යාමට නම් තාක්ෂණය හා විද්‍යාව එක් කළ යුතුයි. තාක්ෂණය හෝ විද්‍යාවට බිය කිසි ආයතනයක් දියුණු වන්නේ නැහැ. තාක්ෂණයට හෝ අලුත් දෙයක් කරන්න බිය වන රටක් ඉදිරියට යන්නේ නැහැ. ඒ නිසා අප යාන්ත්‍රීකරණයට ආයතන ලක් කළ යුතුයි. ආයතන යාන්ත්‍රීකරණය කළාට අප යාන්ත්‍රික නැහැ. අප තෙතමනයක් සහිත මිනිස්සු. ඒ නිසා ආයතන යාන්ත්‍රික කිරීමේදී සේවකයින්ට සිදු වන දේ අප හොඳින් අවබෝධ කර ඊට පිළියම් ලබා දෙනවා.

පරණ තිබෙන අදහස වන්නේ ආණ්ඩුවක් පෙරළුණු විට පැවැති ආණ්ඩු පක්ෂ වෘත්තිය සමිතියේ අයට අලුතින් පත් වූ ආණ්ඩුවේ වෘත්තිය සමිතියට බැඳෙන්න කියා බල කරනවා. එහෙම නැතුව අනෙක් වෘත්තීය සමිතිවල අයට ගේට්ටුවෙන් ඇතුලට එන්න දුන්නේ නෑ. තෙල් සංස්ථාවේ සේවකයන් දේශපාලන ක්‍රියාකාරකම්වලට යොදාගෙන තිබුණා. ඉතිහාසයේ ඡන්ද පොළවල් මංකොල්ලකෑමට පවා රාජ්‍ය සේවකයින් යොදාගත්තා.

පසුගිය වසරේදී අප වෙනස් කළේ එවැනි දේශපාලන සංස්කෘතියක්. එමගින් කිසිදු රාජ්‍ය සේවකයෙකුට හිරහැර සිදු වුණේ නැහැ. අපේ රටේ පොදු ජනතාව අපේක්ෂා කරන්නේ පැරණි විනාශකාරී අන්තයමද? එහෙම ජනතාව අපේක්ෂා කළා නම් අපට ඡන්දය දෙන්නේ නැහැ. ඒ අය පැරණි පාලකයෝ තෝරා ගන්නවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 159ක් ලබා දෙන්නේ නැහැ. එහෙත් සමහර අය වෙනස් වෙන්න සූදානම් නැහැ. අපි ඒ අයට ආරාධනා කරනවා වෙනස් වෙන්න සූදානම් වෙන්න කියලා. එසේ නොමැති නම් අප තීන්දු ගන්න සූදානම්. මොකද අප හාර හාර බල බල වැඩකරන්නේ නැහැ. මේ සිදු වූ ප්‍රගතිශිලි පරිවර්තනය පටු දේශපාලන කෝණයකින් බලන්න එපා.

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම නවීකරණය කිරීම සඳහා ඉරාන නායකයා ඇවිත් මුල්ගල තැබුවේ මිට වසර පහ‍ළොවකට විස්සකට කලින්, නමුත් එය නිසි කලට සිදු වූයේ නැහැ. එම නිසා විදුලිබිලට පවා අමතර බරක් පැමිණ තිබෙනවා. සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවිකරණය කරනවා වගේම ධාරිතාව වැඩි කිරීමටත් අප කටයුතු කරනවා. ඒ වගේම තෙල් ගවේෂණය කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීමට විද්වතුන්, විද්‍යාඥයින් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී තිබෙනවා.

‍අපේ ජනතාවට මැතිවරණ කාලවලදි තෙල් සොයා ගත්ත කතා අහන්න ලැබෙනවා. පළමු බොරතෙල් බෝතලය හොයා ගත්තේ 1970 මැතිවරණයේදීයි. එහෙත් අප වෘත්තීයවේදීන් කෙරෙහි විශ්වාසය තබා ඔවුන්ට එහි වගකීම් ලබා දී තිබෙනවා. අවශ්‍ය පහසුකම් පමණක් රජය සපයනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් 26,000ක් පාලනය වෙන්නේ එක පාලන අධිකාරියක් යටතේයි. එසේ තිබියදී ගැටලුවක් මතු වූ විට නිශ්චිතව එම කරුණ සොයා ගැනීමට අපහසු වී තිබෙනවා. අර්බුදයට අයිතිකාරයෙක් නැහැ. විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කරන්න නීතිය සම්මත කර තිබුණේ මේ ආණ්ඩුව බලයට පත්වීමට පෙරයි. එයින් බලශක්ති ස්වාධිපත්‍යයට බලපෑම් වන බව අප දැක්කා. එම නීතිය වෙනස් කළ එක අපරාධයක්ද? විදුලිබල සේවකයෝ අකුරට වැඩ කරන්නේ හෝ ලෙඩ නිවාඩු ගන්නේ ඒ නිසාද? ඒ අයට ඉදිරි මාස දෙකක කාලය තුළ තෝරා ගන්න මාර්ග තිබෙනවා.

කලාපයේ විදුලිබිල වැඩි රටවල්වල ඉදිරියෙන් ශ්‍රී ලංකාවත් සිටින බව සමහර අය කියනවා. අප එම නිසා විදුලි ඒකකයක පිරිවැය අවම කිරිමට කටයුතු කරමින් සිටිනවා. පසුගිය කාලයේ පුනර්ජනනීය බලශක්තියෙන් උත්පාදනය කරන විදුලි ඒකකයක මිල තිබුණේ ඉහළ මට්ටමකයි. පුනර්ජනනීය විදුලිය අවභාවිත කර තිබුණා. සමහර දියඇලි දේශපාලකයින්ගෙ හයිය අරගෙන ලයිසන් අරගෙන විකුණා තිබුණා. මේ ලයිසන් ගත් සමහර අයට විදුලිබලය ගැන කිසිදු දැනුමක් නැහැ. අප ආණ්ඩු බලය ලබා ගන්න කලින් උතුරේ යම් භූමියක සුළං විදුලිබලාගාරයක් ලබා දී තිබුණේ ඩොලර් ශත 8කටයි. අප ඒ භූමියම, ඒ සුළඟම භාවිත කරලා විදුලි ඒකකයක් ඩොලර් ශත 4කට නිපදවන ආයතනයකට ලබා දුන්නා. ඒ කියන්නේ විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීම සියයට 50කින් අඩු කර ගැනීමට අපට හැකි වුණා. සියඹලාණ්ඩුවේ මෙගා වොට් 100ක සූර්ය විදුලි බලාගාරයේ වැඩ කටයුතු ආරම්භ කළා. මෙවැනි විශාල ව්‍යාපෘතියක් ආරම්භ කළේ පළමු වතාවටයි. මේ කිසිදු ව්‍යාපාරිකයෙක් අප හඳුනන්නේ නැහැ, අපේ මිතුරන් නොවෙයි. අපට අවශ්‍ය වන්නේ රටට වාසි වන ව්‍යාපෘති සිදු කිරීමයි.

කෙරවලපිටිය ආරම්භ වුණේ ඩීසල් බලාගාරයක් ලෙසයි. එහෙත් එය එල්.එන්.ජී බලාගාරයක් ලෙස පරිවර්තනය කිරිමට විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රවිණයෝ යෝජනා කළා. එසේ සිදු කළ‍හොත් විදුලි ඒකකයක් සියයට 50කට අඩුවෙන් නිපද විය හැකියි. එහෙත් 2015 – 2019 ආණ්ඩුවේ ජනාධිපති සහ අගමැති අතර ගැටුම ආවේ කෙරවලපිටිය ලබා දෙන්නේ කුමන සමාගමටද යන්න තෝරා ගන්න බැරුවයි. එහි ප්‍රතිඵලයක් ලෙස අදටත් කෙරවලපිටිය එල්.එන්.ජී බලාගාරයක් බවට පත් කරන්න බැරුව තිබෙනවා. එම නිසා විදුලිබිල අඩු නොකිරීම නිසා පාරිභෝගිකයන් අපහසුතාවට පත් වෙලා.

ඉදිරියේදී ත්‍රිකුණාමලයේ රජය සතු තෙල් ටැංකි 24ක නවීකරණය කර භාවිතයට ගැනීමට සැලසුම් කර තිබෙනවා. ඊට අදාළ ගිවිසුම් නිසි දිනට ආරම්භ කර නිම කිරිමට අප බලාපොරොත්තු වෙනවා.

පසුගිය මාස 08 තුළ ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 18.2ක ලාභයක් ලබා තිබෙනවා. ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට ඉන්ධන සපයන්නේ ඛනිජ තෙල් සංස්ථාව පමණක් නොවෙයි. ඒ නිසා ඒ ලාභය ඍජුව ජනතාවට ලබා දෙන්න බැහැ. ඒ නිසා එම ලාභය අධ්‍යාපනය, සෞඛ්‍යය මඟින් වක්‍රව ජනතාවට ලබා දීමට අප කටයුතු කරනවා.

රාජ්‍ය ආයතන 33ක් වසා දමන්න ආණ්ඩුව තීරණය කළා. එම ආයතනවලින් ජනතාවට සේවයක් සිදු වන්නේ නැහැ. ඒ ආයතනයට අයත් ඉඩමක් බදු දීලා සේවකයින්ගේ වැටුප් ගෙවන සමහර ආයතන තිබෙනවා. එහෙම ආයතන මේ රටට අවශ්‍යද? රාජ්‍ය සේවය වෙනුවෙන් 2027 වන විට රුපියල් කෝටි 33,000ක් වැටුප් වැඩි කිරිමට වෙන් කරනවා. එහෙත් එයින් ප්‍රතිලාභයක් ජනතාවට ලැබෙනවාද? කියන එක සිතන්න අවශ්‍යයි. ආණ්ඩුවේ ආයතනවල තානායම් තිබෙනවා. ඒවා වාණිජ භාවිතයට ගෙන ආදායම් ලැබීමේ මාවතකට ගෙන ආ යුතුයි. සමහර දේශපාලකයින්, හිටපු ජනාධිපතිවරුන් වසර 31ක් ඉඳලා තිබෙන්නේ රජයේ ගෙවල්වල. අප ඒවා වෙනස් කරනවා. රට ශිෂ්ට සම්පන්න කිරීමට අප කටයුතු කරනවා. පාලකයෝ ‍දේවත්වයට ආරූඪ කළ යුගය අප අවසන් කළා. අප සියලු දේ දන්නේ නැහැ. දැනුම තිබෙන සියලුදෙනා කතා කරන්න. අප සියලුදෙනාට ඉඩ දී තිබෙනවා. විද්‍වතුන් කතා නොකර සිටීම අපරාධයක්. ඒ නිසා විද්‍වතුන් සහ ක්ෂේත‍්‍රවල ප්‍රවීණයන් කතා කළ යුතුයි. ඔවුන්ගේ අදහස් අරගෙන අප මේ රට හදන ගමන ඉදිරියට ගෙන යනවා. අප තෙතමනයක් ඇති මිනිස්සු. ඒ නිසා 2022 වගේ තෙල් පෝලිම්වල, ගෑස්‍ පෝලිම්වල මිනිස්සු මැරුණ වගේ අර්බුදයක් නැවත ඇතිවීමට අප ඉඩ තබන්නේ නැහැ."

කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ ඛනිජ තෙල් ගබඩා ටැංකි හයක් ඉදිකිරීම සඳහා M/s Indo East Engineering - Ceylex Engineering JV ආයතනය වෙත රුපියල් බිලියන 3.7ක සම්පූර්ණ මිලකට කොන්ත්‍රාත්තුව පිරිනමා ඇත. කොන්ත්‍රාත් කාලය මාස 24ක් වන අතර, ව්‍යාපෘතිය 2027 සැප්තැම්බර් මාසයේදී අවසන් කිරීමට නියමිතය.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කළේ කොළොන්නාව ස්ථාපනයේ නව ගබඩා ටැංකි ඉදිකිරීම මගින් රටේ ඉන්ධන ගබඩා ධාරිතාව බෙහෙවින් ශක්තිමත් කරන අතර, රටේ ඉහළ යන ඉල්ලුම සපුරාලීමට අවශ්‍ය ඛනිජ තෙල් නිෂ්පාදනවල තිරසාර, කාර්යක්ෂම සහ අඛණ්ඩ සැපයුමක් පවත්වාගෙන යාම සඳහා එය සහායක් වනු ඇති බවය.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

දුම්රියේ ගැටුණු 22 හැවිරිදි තරුණියගේ දිවි බේරාගත් චින්තක කියන සංවේදී කතාව | Ada Derana

දුම්රියේ ගැටුණු 22 හැවිරිදි තරුණියගේ දිවි බේරාගත් චින්තක කියන සංවේදී කතාව | Ada Derana

අපරාධකරුවන්ට උදාවෙන නරක කාලය,පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක් | Ada Derana

අපරාධකරුවන්ට උදාවෙන නරක කාලය,පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක් | Ada Derana

පළාත් පාසල් ජාතික පාසල් කරපු ව්‍යාපෘතියේ ගැටලු - පාසල් 809ක බෝඩ් ගහන්න රු.මි. 2,290ක් ගිහින්

පළාත් පාසල් ජාතික පාසල් කරපු ව්‍යාපෘතියේ ගැටලු - පාසල් 809ක බෝඩ් ගහන්න රු.මි. 2,290ක් ගිහින්

''රැකියා අවස්ථාවලට සුදුසුම මාවත උපාධිය නෙමෙයි'' | Ada Derana

''රැකියා අවස්ථාවලට සුදුසුම මාවත උපාධිය නෙමෙයි'' | Ada Derana

ඉහළයන උද්ධමනයෙන් රටට සිදුවන බලපෑම - ''ආර්ථික පරිවර්තනය කියන්නේ, මෙට්‍රෝ නම්...අනේ මන්දා''|Ada Derana

ඉහළයන උද්ධමනයෙන් රටට සිදුවන බලපෑම - ''ආර්ථික පරිවර්තනය කියන්නේ, මෙට්‍රෝ නම්...අනේ මන්දා''|Ada Derana

'Colombo Motor Show' ගිය සජිත් තරුණ පරපුර වෙනුවෙනුත් හඬක් නඟයි | Ada Derana

'Colombo Motor Show' ගිය සජිත් තරුණ පරපුර වෙනුවෙනුත් හඬක් නඟයි | Ada Derana

හලාවත ධීවරයින් විඳින දුක් - ''පොඩි කාලේ ඉඳන් මුහුදු රස්සාව තාමත් ඉන්නේ ලෑලි ගෙදරක'' | Ada Derana

හලාවත ධීවරයින් විඳින දුක් - ''පොඩි කාලේ ඉඳන් මුහුදු රස්සාව තාමත් ඉන්නේ ලෑලි ගෙදරක'' | Ada Derana

ආණ්ඩුවට එරෙහිව සජබයේ පිරිසක් බදුල්ලේ දී විරෝධයක...

ආණ්ඩුවට එරෙහිව සජබයේ පිරිසක් බදුල්ලේ දී විරෝධයක...

 GLEC ජපාන සමුළුව හෙට... ව්‍යවසායක දිලිත් ඇතුළු පිරිස ජපානයට...

GLEC ජපාන සමුළුව හෙට... ව්‍යවසායක දිලිත් ඇතුළු පිරිස ජපානයට...

 "මේ ජනවරම අහෝසියි.. අලුත් ජනවරමකට යන්න.."

"මේ ජනවරම අහෝසියි.. අලුත් ජනවරමකට යන්න.."

 කඩුවෙල ගින්නක් ඇතිවුණොත් ගිනිනිවන රථ කෝට්ටෙන්"විපක්ෂය මරණවලින් දේශපාලනය කරන්න හදනවා"

කඩුවෙල ගින්නක් ඇතිවුණොත් ගිනිනිවන රථ කෝට්ටෙන්"විපක්ෂය මරණවලින් දේශපාලනය කරන්න හදනවා"

 "මේ ආණ්ඩු ඉතා දරුණු ආකාරයෙන් ආර්ථිකය කඩා වට්ටලා"

"මේ ආණ්ඩු ඉතා දරුණු ආකාරයෙන් ආර්ථිකය කඩා වට්ටලා"

 රටේ උද්ධමනය ගැන කවියෙන් පැහැදිලි කළ විජේපාල හෙට්ටිආරච්චි..

රටේ උද්ධමනය ගැන කවියෙන් පැහැදිලි කළ විජේපාල හෙට්ටිආරච්චි..

කෝටි ගණන් සල්ලි ගිලින ආයෝජන කල්ලි - රු.බි. 4කට අධික මුදලක් වංචා කළ දෙදෙනෙකුට වැඩ වැරදුණු හැටි

කෝටි ගණන් සල්ලි ගිලින ආයෝජන කල්ලි - රු.බි. 4කට අධික මුදලක් වංචා කළ දෙදෙනෙකුට වැඩ වැරදුණු හැටි

ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ වැඩසටහනක් | Ada Derana

ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ වැඩසටහනක් | Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

 2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

 උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

 තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

 40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

 ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

 හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

 රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

 ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි