header logo
SLIC
වෙනත් පුවත්
අවශ්‍යතාව පරිදි පෙරපාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඒකාබද්ධ කිරීමේ සැලැස්මක්
Sep 08, 202506:19 PM
අවශ්‍යතාව පරිදි පෙරපාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඒකාබද්ධ කිරීමේ සැලැස්මක්
EDEX

පෙරපාසල් අධ්‍යාපන ප්‍රතිපත්ති හා විෂයමාලා රාමුවේ කෙටුම්පත, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමී ව ක්‍රියාත්මක කිරීම සහ ඒ පිළිබඳ ව ඉදිරියේ දී ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හා කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන යන මහත්ම මහත්මීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

2024 නොවැම්බර් 25 දින හා 2412/08 අංක දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට පැවරී ඇති වගකීම් ප්‍රකාර ව එම අමාත්‍යාංශය, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ මුල්ළමාවිය සංවර්ධනය පිළිබඳ ව ජාතික ළමා ලේකම් කාර්යාලය හා එක් ව ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව, ජාතික අධ්‍යාපන ආයතනය යන ආයතනවල හා මුල්ළමාවිය අධ්‍යාපනය සම්බන්ධ සියලු පළාත් අධ්‍යක්ෂවරුන්ගේ මෙන් ම යුනිසෙෆ් ආයතනයේ ද තාක්ෂණික සහයෝගය ලබාගනිමින් මෙම පෙරපාසල් අධ්‍යාපන ප්‍රතිපත්ති හා විෂයමාලා රාමුව කෙටුම්පත් කර ඇති අතර පෙරපාසල් අධ්‍යාපනය සහ මුල්ළමාවිය සංවර්ධනය පිළිබඳ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සමග එක් ව එහි ප්‍රායෝගික වලංගුභාවය පරීක්ෂා කිරීමෙන් අනතුරු ව අමාත්‍ය මණ්ඩල අනුමැතියට යොමු කිරීම සඳහා සකස් කර ඇත.

පෙරපාසල් අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳ සියලු ආණ්ඩුකාරවරුන් සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන් දැනුම්වත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳ ව ද මෙම වැඩසටහනේ දී අවධාරණය කෙරුණු අතර පෙරපාසල් පිළිබඳ ජාතික සංගණනයක් සිදු කිරීම, සියලු පෙරපාසල් ලියාපදිංචි කිරීම, අවම ප්‍රමිතීන් හෝ සපුරා නොමැති පෙරපාසල් සම්බන්ධයෙන් සුදුසු පියවර ගැනීමේ ක්‍රියාමාර්ග, පෙරපාසල් ගුරුවරුන්ගේ පුහුණුව හා එම ගුරු පුහුණු ආයතන ලියාපදිංචි කිරීම යන කරුණු කාරණා පිළිබඳ ව ද මෙහි දී සාකච්ඡා කර තිබේ.

අවශ්‍යතා හා අදාළත්වය මත පෙරපාසල්වල ම දිවා සුරැකුම් මධ්‍යාස්ථාන ඇති කිරීම සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය මෙම කාර්ය සාර්ථක කරගැනීමට යුනිසෙෆ් ආයතනය විසින්‍ මේ දක්වා ලබා දුන් සහයෝගය කෘතවේදී ව සිහිපත් කළ අතර යුනිසෙෆ් ආයතනය මගින් අවශ්‍ය මූල්‍ය හා තාක්ෂණික සහාය ඉදිරියටත් අඛණ්ඩ ව ලබා දෙන බවට එම ආයතනයේ අධ්‍යාපන ප්‍රධානී එරින් ටේනර් මහත්මිය විසින් මෙහි දී එකඟතාව පළ කරන ලදි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට