header logo
SLIC
වෙනත් පුවත්
විදේශයන්හිදී ආපදාවට ලක්වන ශ්‍රමිකයන්ගේ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යාධාර වැඩසටහනක්
Sep 08, 202512:43 PM
විදේශයන්හිදී ආපදාවට ලක්වන ශ්‍රමිකයන්ගේ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යාධාර වැඩසටහනක්
EDEX

විදේශ රටවලදී මිය යන, ආබාධිත තත්ත්වයට පත් වන සහ අතුරුදන්වීම් ඇතුළු විවිධ ආපදාවන්ට ලක් වන ශ්‍රී ලාංකිකයන්ගේ මෙරට සිටින දරුවන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ශිෂ්‍යාධාර වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අරමුදල සැලසුම් කර තිබේ.

‘කිසිවෙක් අධ්‍යාපනයෙන් මගහැරීමට ඉඩ නොදීම’ යන සංකල්පය පෙරදැරි කර ගනිමින් ජනාධිපති අරමුදල, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ජනාධිපති අරමුදලේ සේවා ව්‍යාප්ත කිරීම පිළිබඳ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්, ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මේ බව සඳහන් කෙරිණි.

විදේශයන්හිදී ආපදාවලට ලක් වන විදෙස්ගත ශ්‍රමිකයන්ගේ මෙරට සිටින දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාම සහ සුරක්ෂිත කිරීම මෙම වැඩසටහනේ අරමුණ වේ.

‘අදාළ පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙක් වීම’ යන නිර්ණායකය පමණක් එහිදී සැලකිල්ලට ගැනෙන අතර ශිෂ්‍යත්ව ප්‍රදානය පිළිබඳ උපදෙස් සංග්‍රහය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතය.

ජනාධිපති අරමුදල මේ වන විටත්, වන අලි ප්‍රහාරවලට ලක්ව මිය ගිය අයගේ දරුවන් වෙනුවෙන්ද මෙවැනි ආකාරයේ ශිෂ්‍යත්ව වැඩසටහනක් හඳුන්වා දී තිබෙන අතර ඉදිරියේදී විවිධ ක්ෂේත්‍ර කරා එය පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට