header logo
SLIC
වෙනත් පුවත්
2025 වසරේ කීර්තිමත් වනජීවී ඡායාරූප ශිල්පියා ලෙස ලක්ෂිත කරුණාරත්න සම්මාන ලබයි
Sep 02, 202506:53 PM
2025 වසරේ කීර්තිමත් වනජීවී ඡායාරූප ශිල්පියා ලෙස ලක්ෂිත කරුණාරත්න සම්මාන ලබයි
EDEX

2025 වසරේ බ්‍රිතාන්‍යයේ කීර්තිමත් වනජීවී ඡායාරූප ශිල්පී සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වීමට ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පියෙකුට හැකි වී තිබේ.

මෙලෙස සම්මානයට පාත්‍ර වී ඇත්තේ, ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පී ලක්ෂිත කරුණාරත්නය.

ලන්ඩන්/කොළඹ 2025 සැප්තැම්බර් - මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් ස්වභාවික ඉතිහාස කෞතුකාගාරය (Natural History Museum, London) විසින් සංවිධානය කරන ලද ලෝක ප්‍රකට, වනජීවී ඡායාරූප ශිල්පී සම්මාන (Wildlife Photographer of the Year – WPY) තරගාවලියේදී ලක්ෂිත කරුණාරත්න මෙලෙස ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන එන ලදි.

වනජීවී ඡායාරූපකරණයේ ඔස්කාර් සම්මාන උළෙල‍ේ ලෙස හැඳින්වෙන මෙම තරගාවලියේදී ඔහු ලැබූ දෙවන සම්මානය මෙය වෙයි.

වසර 61ක එහි ඉතිහාසයේ මෙම තරගාවලියේදී දෙවරක් සම්මාන ලැබූ පළමු ශ්‍රී ලාංකිකයාද ලක්ෂිත කරුණාරත්නය.

1965 වසරේ ආරම්භ වූ WPY තරගාවලිය සඳහා මෙවර රටවල් 120කට අධික සංඛ්‍යාවකින් වාර්තාගත ඡායාරූප 60,636ක් ලැබී ඇති අතර, ඉන් ජයග්‍රාහී ඡායාරූප 100ක් පමණක් තෝරාගෙන ඇත.

ලක්ෂිතගේ ‘Toxic Tip’ ලෙස නම් කරන ලද සම්මානලාභී ඡායාරූපය, ඔහු විසින් වසර තුනකට ආසන්න කාලයක් මිනිස්-ඇත් ගැටුම් සහ අක්‍රමවත් අපද්‍රව්‍ය බැහැර කිරීමේ විනාශකාරී බලපෑම් පිළිබඳව තොරතුරු රැස් කළ, අම්පාර දිස්ත්‍රික්කයේදී ගනු ලැබූවකි.

අති විශාල අපද්‍රව්‍ය ගොඩක ආහාර සොයන තනි අලියෙකු නිරූපණය වන එම ඡායාරූපය, ශ්‍රී ලංකාවේ අලින්ට පොලිතීන්, ප්ලාස්ටික් සහ මයික්‍රොප්ලාස්ටික් ශරීරගත වීම නිසා සිදුවන හානිය පිළිබිඹු කරන සංවේදී අවස්ථාවකි.

විද්‍යාත්මක අධ්‍යයනවලින් පෙන්වා දී ඇත්තේ මෙවැනි අපද්‍රව්‍ය ශරීරගත වීමෙන් අලි ඇතුන්ට දරුණු ආහාර මාර්ග අවහිරතා, විෂ වීම් සහ ආයු කාලය කෙටි වීම සිදුවිය හැකි බවයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට