header logo
SLIC
වෙනත් පුවත්
පොලිස් විශේෂ කාර්ය බළකායට බෆල් රථ ගෙන්වීමේදි බරපතළ වංචාවක් ?
Sep 02, 202511:57 AM
පොලිස් විශේෂ කාර්ය බළකායට බෆල් රථ ගෙන්වීමේදි බරපතළ වංචාවක් ?
EDEX

ඇමරිකන් ඩොලර් මිලියන 3 ක් වැය කරමින් 2017 වසරේදී පොලිස් විශේෂ කාර්ය බළකායට බෆල් රථ ගෙන්වීමේදී බරපතළ වංචාවක් සිදුව ඇතැයි සිවිල් බුද්ධි පෙරමුණ පවසයි.

මෙම වංචාව නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ එවක ලේකම්වරයාගේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ ඉහළ නිලධාරියෙකුගේ සම්බන්ධීකරණයෙන් සිදුව ඇතැයි එම පෙරමුණේ කැදවුම්කරු සංජය මහවත්ත පැවසීය.

කොළඹ දී මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු මේ බව අනාවරණය කළ අතර සියලු ලේඛණ හා සාක්ෂි සහිතව මේ සම්බන්දයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කරන බවද හෙතෙම පැවසීය.

ඔහු පැවසුවේ පොලිස් විශේෂ කාර්ය බළකායේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සදහා බෆල් රථ හයක් ගෙන්වීමට අදාල ප්‍රසම්පාදන ක්‍රියාවලියන් සිදුකර තිබෙන බවත් මෙම ප්‍රසම්පාදන කමිටුවේ සභාපති ලෙස එවක නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා පත්කර තිබෙන බවය.

මෙම ප්‍රසම්පාදනයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය වෙනුවෙන් එහි ප්‍රධානියෙකු වූ අතුල දවුලගල නැමති නිලධාරියෙකු සම්බන්ධීකරණය කර ඇති බවත් මෙම ටෙන්ඩරය ඉන්දීය සමාගමකට ප්‍රදානය කර ඇති බවත් එම සමාගමේ ශ්‍රිලාංකික නියෝජිතයා වශයෙන් එක්තරා පුද්ගලික සමාගමක් අනිවාර්යෙන්ම තෝරාගත යුතු බවට ලංසු කමිටුව වෙනුවෙන් අතුල දවුලගල නැමති ඊමේල් පණිවුඩයක් මගින් යෝජනා කර ඇති බවත් සංජය මහවත්ත මහතා පැවසීය.

මෙම ටෙන්ඩරය පිරිනමා ඇති ඉන්දීය සමාගම කිසිදු ආකාරයකින් බෆල් රථ නිෂ්පාදනය කරන සමාගමක් නොවන බවද එම සමාගමෙන් කිසිදු අවස්ථාවක බෆල් රථ ගෙන්වීමක් ඊට පෙර සිදුකර නැති බවද හෙතෙම පැවසීය.

එසේම ටෙන්ඩර් ක්‍රියාවලියේදී ලංසු කැදවීම හා මිළදී ගැනීමේ ශ්‍රීලාංකික නියෝජිතයෙකු පත්කිරීමට බලපෑම් කිරීම නීති විරෝධී ක්‍රියාවක් බවද මෙමගින් අනීතික ගනුදෙනුවක් ද සිදුව ඇතැයි තොරතුරු සාක්ෂි සහිතව පවතින බවද ඔහු පැවසීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට