හිටපු ජනපති රනිල්ව බලන්න ගිය දිලිත්
August 23, 2025 01:17 pm
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව සිරගත කිරීම ලංකාවේ දේශපාලන දිශානතිය වෙනත් මඟකට ගෙන යන සිදුවීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.
අද (23) දහවල් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලීමට බන්ධනාගාරයට ගොස් නැවත පැමිණීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා මේ බව කියා සිටියේය.
"ඔහු ක්‍රීඩා කරන්න ගියේ ක්‍රිකට් මේ ආණ්ඩුව ගහන්නේ එල්ලේ. බෝලෙන් ඇඟට ගහලා කිව්වා අවුට් කියලා. මගේ දේශපාලන කියවා ගැනීම අනුව මේක අපේ රටේ, දේශපාලන පිළිබඳ තවත් නව දිශානතියකට ගෙන යන සිද්ධියක් වේවි.
මම රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලනය කවරදාකවත් අනුමත කරන්නේ නෑ. හැබැයි මේ රටේ ජනාධිපතිවරයෙක් මේ විදියට කරන එක වැරදියි. ඒක අධිකරණය කරපු දේ හරිද ? වැරදිද? කියන එක නෙමෙයි මම මේ කියන්නේ, අධිකරණ ක්‍රියාදාමය දක්වා ගෙන එන ලද ඒ පරීක්ෂණය සිදුකර ඇති සිද්ධි දාමයම අපේ රටේ ප්‍රතිරූපයට හොඳ චිත්‍රයක් ගෙන එන්නේ නෑ."