
කුරුණෑගල පොලිස් වසමේ විල්බාව ප්‍රදේශයේ පිහිටි පුද්ගලික අධ්‍යාපන ආයතනයක ඉදිකිරීම් කටයුතු සිදුකරන කම්කරුවන් පිරිසක් නවාතැන්ගෙන සිටි තාවකාලික වාඩියක හටගත් ගින්නකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
කුරුණෑගල පොලීසියට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කිරීමේදි අනාවරණය වී ඇත්තේ ඊයේ (20) රාත්‍රී කාලයේදී මෙම ගින්න හටගෙන ඇති බවයි.
මියගිය පුද්ගලයා අවුරුදු 36ක වත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.







































