
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ZeroPlastic සංගමය විසින් උතුම් ඇසළ දළඳා පෙරහැර සමයේ දළඳා මාලිගාව සහ ඒ අවට පරිසරය පිරිසිදුව පවත්වා ගැනීම සම්බන්ධව දැනුවත් කරමින් සංවිධානය කළ පාගමනක් ඊයේ (02) පැවැත්විණි.
තිරසාරභාවය සහ සමාජ වගකීම කරා යන ගමනේ තවත් එක් පියවරක් ලෙස මෙය සංවිධානය කර තිබුණි.
මෙය අදියර තුනකින් සමන් විත වූ අතර ඉන් පළමුවැන්න ලෙස පසුගිය ජූලි 27 වැනි දින මහනුවර දළඳා පරිශයේ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක්ද ඔවුන් ආරම්භ කරනු ලැබීය.
දෙවැනි අදියර ලෙස එම අවට පරිසරය පිරිසිදු කරගැනීමේ වැදගත්කම සම්බන්ධව දැනුවත් කරමින් මෙම පාගමන සංවිධානය කර තිබූ අතර එහිදී පරිසර හිතකාමීත්වය පිළිබඳ පණිවිඩ පැතිරවීම, තිරසාර අනාගතයක් හැඩගැස්වීමේදී ඉටු කරනු ලැබිය යුතු සාමුහික කාර්ය භාරය සමාජයට මතක් කර දීම යන කරුණු රැසකින් සමන්විතව තිබුණි. එමෙන්ම තුන්වැනි අදියර ලෙස එදිනම දන්සලක්ද පවත්වනු ලැබීය.







































