header logo
SLIC
වෙනත් පුවත්
නව වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඇරඹේ
Jun 19, 202502:56 PM
නව වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඇරඹේ
EDEX

09 වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය අද (19) නිරිතදිග චීනයේ යුනාන් පළාතේ අගනුවර වන කුන්මිංහිදී ආරම්භ වුණි.

ලබන 24වනදා දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේමෙවර තේමාව වන්නේ ‘සමගිය, සහයෝගීතාව සහ සංවර්ධනය වෙනුවෙන් එක්ව කටයුතු කිරීමයි'.

චීනය හා දකුණු ආසියානු රටවල් අතර මෙම වසරේ පැවැත්වෙන වැදගත් ම ආර්ථික සහ වෙළඳ හුවමාරු වැඩසටහනක් ලෙස මෙම ප්‍රදර්ශනය මෙවර පවත්වනු ලබයි.

උසස් නිෂ්පාදන, පිරිසිදු බලශක්තිය සහ නවීන කෘෂිකර්මාන්තය වැනි ප්‍රධාන අංශ කේන්ද්‍ර කර ගත් තේමාවන්ගෙන් ‍යුත් කුටි 11 කින් මෙවර ප්‍රදර්ශනය සමන්විත වේ.

මෙම වසරේ ප්‍රදර්ශනයේ තේමා රට වන්නේ ශ්‍රී ලංකාවයි. ඒ අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ව්‍යවසායකයින් 100ක් පමණ මෙවර සහභාගී වී සිටීම විශේෂත්වයකි.

මැණික් සහ ස්වර්ණාභරණ, සිලෝන් ටී, බතික් නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ කුළුබඩු ආදී නිෂ්පාදන රුසක් ඒ අතරට එක් වේ.

ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් වෙළෙඳ අමා‍ත්‍යවරයා ප්‍රමුඛ නියෝජිතයින් රැසක් ද මේ අවස්ථාව වෙනුවෙන් එක්ව සිටී.

අද ආරම්භ වූ චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට එක්වෙමින් චීන ජාතික මහජන කොංග්‍රසයේ උප සභාපති Wang Dongming මහතා සඳහන් කළේ, චීනයේ සංවර්ධනය දකුණු ආසියානු රටවල සංවර්ධනය සමඟ වඩාත් සමීපව ඒකාබද්ධ කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවය.

එමෙන්ම සාමය, සමෘද්ධිය, මිත්‍රත්වය යනාදිය පොදු දැක්ම ලෙස ගනිමින්, අසල්වැසි රටවල් සමඟ පොදු සංවර්ධන ප්‍රතිලාභ හිමි වන ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කොට වඩාත් පැහැබර අනාගතයක් නිර්මාණය කිරීමට චීනය සූදානමින් සිටින බව ද Wang Dongming මහතා එහිදී අවධාරණය කර තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට