
වාරියපොළ වැවක පාවෙමින් තිබූ මළ සිරුරක් පරීක්ෂා කිරීමට එම වැව මැදට පිහිනා ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදහන් වී ඇති බව වාරියපොළ පොලීසිය පවසයි.
පසුව කරන ලද පරීක්ෂණවලදී නිරීක්ෂණය වී ඇත්තේ, පාවෙමින් තිබී ඇත්තේ නරක්වූ පුද්ගල මළ සිරුරක් බවය.
වාරියපොළ කළුගමුව මාර්ගයේ වාරියපොළ නගරයට ආසන්නයේ පිහිටි විලාකටුපොත වැවෙහි මෙම සිදුවීම සිදුව ඇත.
දියේ ගිලුණු පුද්ගලයා වැව මැදට පිහිනා ගොස් ඇත්තේ, එහි සිටි පොලිස් නිලධාරීන්ගේ උපදෙස් නොතකා බව පොලීසිය පවසයි.
කෙසේ වෙතත් පසුව මළසිරුරු දෙකම නිකවැරටිය පොලීසියට අනියුක්ත කොට්ඨාස ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් ගොඩගෙන තිබුණි.
වාරියපොළ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා විසින් සිදුකර ඇති අතර, වාරියපොළ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.









































