
මදුරන්කුලිය, තොඩුවාව මාර්ගයේ කඩයමොට්ට ප්‍රදේශයේ අබලන් වු පාලමක් ඉදිකරන තුරු සකසා තිබු තාවකාලික අතුරු මාර්ගය මහ වැසි සමග ගලා ආ දැවැන්ත ජලකඳට කඩා ගෙන ගොස් තිබේ.
මදුරන්කුලිය, තොඩුවාව මාර්ගයෙ මැල්ලන්පිටිය ආසන්නයෙ තිබු වසර 100කට ආසන්න පැරණි පාලම් දෙකක් සඳහා අලුත් පාලම් ඉදිකිරීම ආරම්භ කිරීමත් සමග මදුරන්කුලිය වෙළෙඳ සංගමය හා ප්‍රදේශවාසින් එක්වී ලක්ෂ 20කට අධික මුදලක් වැය කරමින් මෙම අතුරු මාර්ගය සකසා ගෙන ඇත.
ඡායාරූපය - හිරාන් ප්‍රියංකර







































