header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
බැසිල් අධිකරණයට නොපැමිණි හේතුව හෙළිවෙයි
May 23, 202507:16 PM
බැසිල් අධිකරණයට නොපැමිණි හේතුව හෙළිවෙයි
Mobitel 1278

අමෙරිකාවේ සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ලබන නොවැම්බර් 21 වැනිදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින්නැයි මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා අද (23) නියෝග කළේය.

ඒ නීති විරෝධී ලෙස ඉපැයූ රුපියල් ලක්ෂ 500ක් යොදවා මිලදී ගත් මාතර ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් පවතින නඩුවකට අදාළවය.

නීති විරෝධි ක්‍රියාකාරකමකින් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 500ක් යොදවා මාතර බ්‍රවුන්ස් හිල්හි අක්කර එකහාමාරක ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවීය.

එහිදී ඇප මත මුදා හැර සිටින සැකකරුවන් දෙදෙනෙකු අධිකරණයේ පෙනී සිටියත් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳගේ සහෝදරිය වන අයෝමා ගලප්පත්ති අධිකරණයේ පෙනී සිටියේ නැත.

"ස්වාමිනි, මෙම නඩුවේ තුන්වන සැකකරු වන බැසිල් රාජපක්ෂට 2024 සැප්තැම්බර් 18 විදේශ ගතවීමට අවසර ලබා දී ඇත්තේ අද දක්වා පමණයි. එවැනි පසුබිමක ඔහු අද අධිකරණයේ පෙනී සිටින්නේ නැහැ. එබැවින් සාධාරණ හේතු දැක්වීමකින් තොරව අධිකරණය මඟහැරීම සම්බන්ධයෙන් ඔහුගේ ඇප අවලංගු කර වරෙන්තු නිකුත් කරන ලෙස මා ඉල්ලා සිටිනවා . "

"ස්වාමිනි, මගේ සේවාදායකයා මැයි 18 සහ 19 යළි මෙරටට එන්න ගුවන් ටිකට් පත් වෙන් කරලයි තිබුණේ. නමුත් අමෙරිකාවේ සිටින ඔහු පුටුවකින් ඇඳ වැටිලා අනතුරකට ලක්වෙලා ගෙල සහ ස්නායු ආශ්‍රිතව ආබාධ මතුවෙලා. මාස 06ක් ගුවන් ගමන්වල යෙදෙන්න එපා කියලා අමෙරිකාවේ වෛද්‍යවරු නිර්දේශ කරලා තියෙනවා. "

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පැවසුවේ, එම වෛද්‍ය වාර්තාවල පරස්පරතා ඇති බවයි.

"ස්වාමිනි, මේ X Ray වාර්තා බලපුවාම බෙල්ලේ උලුක්කුවක්, වැරදි ඉරියව්වක් නිසා මාංශ පේෂිවල සුළු ඇදීමක් පිළිබඳ විතරයි සටහන් වෙන්නේ. එසේම එය සතියකින් දෙකකින් සුවවෙන බවට වෛද්‍යවරු පවසා තිබෙනවා. වෛද්‍ය වාර්තා නිකුත් වී ඇත්තේ 2025 මාර්තු 18. ඔය කියන විදිහට මාස 06ක් ගුවන් ගමන්වලින් වලකින්න කියලා වෛද්‍ය නිර්දේශයක් තිබුණානම් ඇයි මැයි 18, 19 ගුවන් ටිකට්පත් වෙන් කළේ. එම නිසා ස්වාමිනි මෙම වෛද්‍ය වාර්තා පිළිනොගෙන සැකකරුගේ ඇප අවලංගු කරන ලෙස මා ඉල්ලා සිටිනවා. "

බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා යම් ආවේගකාරි ස්වරූපයකින් ඊට ප්‍රතිචාර දැක්වුවා.

"ස්වාමිනි, මගේ සේවාදායකයා ලෙඩක් නැතුවත් ආවේ නැහැ කියලා පෙන්වන්න හදන්නේ හොරෙක් කියලා ද? නමුත් මේවා අමෙරිකාවේ වෛද්‍ය වාර්තා. අපේ වෛද්‍යවරු වගේ හොරු නැහැ. ඊළඟ නඩු දිනයේ මගේ සේවාදායකයා අධිකරණයට පැමිණෙනවා. "

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලු මාතර මහෙස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා සිය නියෝගය ප්‍රකාශයට පත්කළේය.

"මේ නඩුව දීර්ඝ කාලයක් තිස්සේ අධිකරණයේ සලකා බැලෙන නඩුවක්. එකී කාලය පුරාවටම සැකකරු අධිකරණයේ පෙනී සිට තිබෙනවා. ඒ නිසා ඇප අවලංගු කිරීමක් හෝ වරෙන්තු නිකුත් කිරීමක් කරන්නේ නැහැ. ඒ අනුව ඉදිරි නඩු දිනයේ අධිකරණයේ පෙනීසිටින ලෙස සැකකාර බැසිල් රාජපක්ෂට නියෝග කරනවා "

මෙම නඩුව නොවැම්බර් 21 වනදා යළි කැඳවීමට නියමිතයි.

MostRead
Mobitel 1278
VideoStories
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක් | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..