ගැරඬිඇල්ලේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 5ක් මරුට

ගැරඬිඇල්ලේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 5ක් මරුට

May 11, 2025   07:03 am

Update - 07:40am

රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 05 දක්වා ඉහළ ගොස් තිබේ. 

======================================

07:03am

ගැරඬිඇල්ලේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 4ක් මරුට

නුවරඑළිය - ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අද (11) අලුයම බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ගොස් තිබේ.

අනතුරින් පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් 35කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.

තුවාලකරුවන් කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගනිමින් සිටින බවද පොලීසිය පැවසීය.

කතරගම සිට නුවරඑළිය හරහා කුරුණෑගල දක්වා ධාවනය වන ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් මෙම මෙලෙස අනතුරට පත්ව ඇති බව වාර්තා වේ.