රිය අනතුරකින් විදෙස් ජාතික කාන්තාවන් දෙදෙනෙකු රෝහලට

රිය අනතුරකින් විදෙස් ජාතික කාන්තාවන් දෙදෙනෙකු රෝහලට

April 30, 2025   10:38 am

හපුතලේ - වැලිමඩ මාර්ගයේ අශෝකාරමය විහාරස්ථානය අසලදී සිදුවූ රිය අනතුරකින් විදෙස් ජාතික කාන්තාවන් දෙදෙනෙකු තුවාල රෝහල් ගත කර තිබේ.

වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් පැති බැම්මක ගැටී ඊයේ සවස මෙම අනතුර සිදුව ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

අනතුරින් තුවාල ලැබූ විදෙස් ජාතික කාන්තාවන් දෙදෙනා දියතලාව මුලික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.

මෙසේ රෝහල්ගතකර ඇත්තේ 80 හැවිරිදි LEINDEKAR MICHELE සහ 76 හැවිරිදි KEAVENEY MARIA DEL CARMEN යන ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවන් දෙදෙනෙකි.