ජීවිතයක් බේරාගත් පොලිස් මෙහෙයුම

ජීවිතයක් බේරාගත් පොලිස් මෙහෙයුම

April 28, 2025   03:11 pm

පෝට් සිටි වෙරළ තීරයේදී දිය වැලකට හසු වී ගසාගෙන ගිය තරුණයෙකු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් බේරා ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ පසුගිය 26 වනදා මෙම තරුණයා පෝට් සිටි වෙරළ තීරයේ දිය නාමින් සිටියදී මෙම අනතුරට මුහුණ දුන් බවය.

එම අවස්ථාවේදී ජීවිතාරක්ෂක රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී එම තරුණයා බේරාගෙන මූලික ප්‍රථමාධාර ලබා දීමෙන් පසු පිටත්කර හරින ලදි.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ 18 හැවිරිදි තරුණයෙකි.

පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් සැරයන් 38015 අරියරත්න, පොලිස් සැරයන් 66269 ප්‍රසාද්, පොලිස් කොස්තාපල් 90744 නිලන්ත පොලිස් කොස්තාපල් 96793 ඒකනායක විසින් මෙම තරුණයාගේ දිවි බේරාගැනීම සිදුකර ඇත.