වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධියේ සැකකරු රිමාන්ඩ්
March 14, 2025 05:45 pm
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ලබන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු 17වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.
එදිනට සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට ද අධිකරණය නියෝග කර තිබේ.
මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්, මීළඟ නඩු දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර මහතාට තව දුරටත් නියෝග කර ඇත.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කළේ ගල්නෑව නව නගරයේ ඩී.3 ඇල පාර පදිංචිකරුවෙකු වන නිලන්ත මඳුරංග රත්නායක නමැති හිටපු යුද හමුදා සෙබළෙකු මෙන්ම චීවරධාරියෙකු ලෙස සිටි පුද්ගලයෙකි.
මෙම අපරාධය සිදුකිරීමෙන් අනතුරුව සැකකරු පොලීසිය හා විශේෂ කාර්ය බළකා ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගනු ලැබුවේ ගල්නෑව නිදිකුම්භායාය ප්‍රදේශයේදීය.
මේ අතර මෙම සැකකරුට නවාතැන් පහසුකම් ලබාදෙමින් රැකවරණය ලබාදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුගේ වැඩිමහල් සොහොයුරිය ද මෙමස 17වනදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කර සිටින්නීය.
සැකකරු විසින් පැහැරගත් වෛද්‍යවරියගේ ජංගම දුරකථනය සොයා ගැනීමට මෙතෙක් පොලිස් කණ්ඩායම්වලට නොහැකි වූ බව වාර්තා වේ.
දුරකථනය සෙවීමේ විමර්ශන අතරතුරු ඊයේ (13) සැකකරුගේ නිවසේ සිදුකල පරීක්ෂා කිරීමකදී පාත්තරයක් තුළ සඟවා තිබූ ජීව අත්බෝම්බයක්, සිවුරක් සහ වටාපතක් සොයාගෙ ඇති අතර ඒ සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර ඇත.
පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර් එම් ජයවීර මහතාගේ උපදෙස් මත, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා නිසානි සෙනවිරත්න මහත්මියගේ මෙහෙයවීම යටතේ උප පොලිස් පරීක්ෂක ඒ.සී දයානන්ද සහ සැරයන් රංජිත් යන මහත්වරුන් පෙනී සිට ඇත.
සැකකරු වෙනුවෙන් කිසිදු නීතිඥයෙකු පෙනී සිට නෙැමති බව සඳහන් වේ.