සයුරෙන් එතෙර
ගෝලීය ත්‍රස්තවාදී දර්ශකයේ දෙවන තැන පාකිස්තානයට
March 7, 2025 09:47 pm
2025 ගෝලීය ත්‍රස්තවාදී දර්ශකයේ (GTI) දෙවන ස්ථානයට පාකිස්තානය පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ, පාකිස්තානය තුළ ත්‍රස්ත ප්‍රහාරවල විශාල වැඩිවීමක් සහ සිවිල් වැසියන්ගේ මරණ සංඛ්‍යාව ඉහළයෑම හේතුවෙනි.
ප්‍රකාශයට පත් කරන ලද නවතම ගෝලීය ත්‍රස්තවාදී දර්ශක වාර්තාව ලොව පුරා රටවල් 163 කින් සමන්විත වෙයි.
එම දර්ශකය මගින් ත්‍රස්තවාදී සිදුවීම්, ජීවිත හානි, තුවාල සහ ප්‍රාණ ඇපකරුවන් සංඛ්‍යාව සහ ත්‍රස්තවාදයට ඇති බලපෑම ඇතුළු දර්ශක ඇගයීමට ලක් කරයි.
පාකිස්තානයේ ත්‍රස්තවාදය හා සම්බන්ධ මරණ සංඛ්‍යාව පසුගිය වසර 5 තුළ අඛණ්ඩව ඉහළ ගොස් ඇත.