header logo
Vallibel FD
Selan Bank
විශේෂාංග
අවුරුද්දක් තුළ බාලවයස්කරුවන් 683ක් ගෘහ සේවයට විදේශගත වෙලා
Mar 01, 202508:37 PM
අවුරුද්දක් තුළ බාලවයස්කරුවන් 683ක් ගෘහ සේවයට විදේශගත වෙලා
Mobitel 1278

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ ශ්‍රී ලංකා විදේශ සේවානියුක්ති කාර්යංශයේ 2022 සහ 2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පසුගිය 27 වැනිදා රැස්ව තිබේ.

ඒ එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙනි.

එහිදී නියාමන කාර්යය වෙනුවෙන් ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය ව්‍යාපාරයක් ස්වරූපයෙන් කටයුතු කොට ඇති බව පැහැදිලි වන බව කෝප් කමිටුව පෙන්වා දුන්නේය.

මෙහිදී නේවාසික පුහුණුවක් ලබා නොදී ගෘහ සේවිකාවන් 28,165 ක් පළමුවරට විදේශගත කිරීම හේතුවෙන් රු. 631,177,650 ක පුහුණු ආදායමක් කාර්යංශයට අහිමි වී ඇති බව අනාවරණය විය.

රුපියල් 22,410 ක ගාස්තුවක් අයකර දින 28 නේවාසික පුහුණුවක් පැවැත්විය යුතුව තිබුණද මෙම පුහුණුව ලබාදීම සිදු කොට නැති බව මෙහිදී අනාවරණය වූ අතර එම පුහුණුව වෙනුවට භාෂා පරිවර්තකයින් තිදෙනෙක් යොදාගනිමින් දිනකට 390 දෙනෙකු පමණ සම්මුඛ පරීක්ෂණයට ලක් කොට ඇති බව මෙහිදී හෙළි විය.

මෙම සම්මුඛ පරීක්ෂණයද වීඩියෝ පටයක් පරීක්ෂා කිරීම මගින් පමණක් සිදු වී ඇති බවද මෙහිදී අනාවරණය වූ අතර මෙම අපරික්ෂාකාරී තත්ත්වය නිසා 2023 මැයි සිට 2024 ජුනි දක්වා බාල වයස්කරුවන් 683ක් ගෘහ සේවය සඳහා විදේශගතවී ඇති බවද අනාවරණය විය.

එසේම ගාල්ල දිස්ත්‍රික්කයේ පැවති වැඩසටහනකට රු. 170,000 බැගින් වෙළඳ කුටි 30ක් කුලියට ගෙන ඇති බවත් එම ආයතනයෙන්ම යාපනය දිස්ත්‍රි‍කයේ පැවති වැඩසටහනකට වෙළඳ කුටියක් කුලියට ගැනීමේදී රු. 500,000/=ක් ගෙවා ඇති බව මෙහිදී අනාවරණය විය.

මෙම මිලට වෙළඳ කුටි 25ක් රු. 12,500,000/=කට මිලදීගෙන ඇති බව මෙහිදී හඳුනාගැනුණු අතර අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ලැබුණු නිර්දේශ අනුව මෙම ගෙවීම් සිදු කළ බව පැමිණි නිලධාරීහු පෙන්වා දුන්හ.

තවද ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන වෙනුවෙන් මුලු වියදම රුපියල් බිලියන 1.2ක් වූ බව මෙහිදී සඳහන් වූ අතර මේ සඳහා ගෙවීම් සිදු කර ඇත්තේ නිවැරදි ක්‍රියාවලීන් අනුගමනය කරමින් බව නිලධාරීහු පෙන්වා දුන්‍හ.

මෙම වියදම රුපියල් මිලියන 500ට වැඩි බැවින් කැබිනට් අනුමතිය අවශ්‍ය බවත් එම අනුමතිය ලැබී ඇති බව නිලධාරීන් පෙන්වා දෙන නිසා මේ සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් සොයා බැලීමට කටයුතු කරන බව විගණකාධිපතිවරයා මෙහිදී පැවසීය.

එසේම සංචාරක වීසා මත ගෘහ සේවිකාවන් විදේශගත කිරීමට ලියාපදිංචි බලපත්‍රලාභීන්ට අනුමතිය දී ඇති බව මෙහිදී අනාවරණය වූ අතර මෙය ආයතනයේ වගකීම මුලුමනින්ම පැහැරහැරීමක් බව කෝප් කමිටුව පෙන්වා දුන්නේය.

2023 මාර්තු 30 අංක 07/2023 දරන සභාපති චක්‍රලේඛයක් මගින් එක්සත් අරාබි එමීර් රාජ්‍යට සහ ඕමාන් රාජ්‍යට සංචාරක ගිවිසුමක් නොමැතිව මෙම ගෘහ සේවිකාවන් විදේශගත කොට තිබූ අතර ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම සහ වගවීම පිළිබඳ මෙහිදී කමිටුව විසින් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය.

මෙලෙස සංචාරක වීසා මත 4,942ක් විදෙස්ගත වී තිබූ අතර ඉන් වැඩි ප්‍රමාණයක් රැකියාවන් ලබාදුන් බවට අදාළ ලියකියවිලි තානාපති කාර්යාලයේ පරිගණක දත්ත පද්ධතියට උඩුගතකොට නැති බවද මෙහිදී අනාවරණය විය.

තවද මෙහිදී විදේශ රැකියා සඳහා පිටව ගොස් විවිධ ගැටලුවලට මුහුණදුන් විගමණිකයන් තාවකාලිකව රඳවාගැනීම සඳහා රැඳවුම් නිවාස පවත්වාගෙනයාම සම්බන්ධයෙන්ද, මෙම ආයතනයේ පත්වීම් සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණි.

මීට අමතරව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ සම්බන්ධ විමර්ශනයන් සඳහා කෝප් අනු කමිටුවක් පත්කිරීමට කටයුතු කරන බවද කෝප් කමිටුවේ සභාපතිවරයා මෙහිදී පැවසීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

 උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

 දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

 කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

 කළු ඇඳගෙන සටනට එන FUTA.."

කළු ඇඳගෙන සටනට එන FUTA.."

 පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

 කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

 බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

 ලෝකයම හෙල්ලූ අපේ රුමේෂ් කිරුළු රැගෙන දිවයිනට

ලෝකයම හෙල්ලූ අපේ රුමේෂ් කිරුළු රැගෙන දිවයිනට

ලෝකයම මෙල්ල කළ රුමේෂ්ගේ මීළඟ ඉලක්කය | Ada Derana

ලෝකයම මෙල්ල කළ රුමේෂ්ගේ මීළඟ ඉලක්කය | Ada Derana

 දෛවයේ සරදමකට පාතාලයේ ගොදුරක් වූ පුංචි පැටවුන්...| ප්‍රහාරයට ආ ත්‍රිරෝද රථයේ වර්ණයත් වෙනස් කරලා...

දෛවයේ සරදමකට පාතාලයේ ගොදුරක් වූ පුංචි පැටවුන්...| ප්‍රහාරයට ආ ත්‍රිරෝද රථයේ වර්ණයත් වෙනස් කරලා...

Lassana Flora
Spotlight
පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල