header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
රජයේ දේපළ අවභාවිත කරමින් නගර සභා සේවකයෙකුගෙන් මල් ශාලාවක්
Feb 28, 202504:44 PM
රජයේ දේපළ අවභාවිත කරමින් නගර සභා සේවකයෙකුගෙන් මල් ශාලාවක්
Mobitel 1278

1994 සිට කොළඹ මහ නගර සභාවේ භුක්තිය හිමි, බොරැල්ල සුසාන භූමියේ නිල නිවාසය හා ඉඩම අවභාවිත කරමින් කොළඹ මහ නගර සභාවේම සේවකයෙක් මල් ශාලාවක් ආරම්භ කර පවත්වාගෙන යන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ සභාපතිත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පසුගිය 25 සහ 27 යන දිනයන්හිදී පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේ මෙම කරුණු අනාවරණය වී තිබේ.

මෙම දිනයන්හිදී 2022, හා 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරික්ෂා කිරීම සඳහා කොළඹ මහ නගර සභාවේ නිලධාරීහු කාරක සභාවට කැඳවා තිබුණි.

මෙහිදී පළමු දින කරුණු දක්වමින් විගණකාධිපතිවරයා බොරැල්ල සුසාන භූමියේ අනවසර ගොඩනැගිල්ලේ නිත්‍යානුකූල නොවන ආකාරයෙන් ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පැවසීය.

2023.07.06 වැනි දිනට පෙර ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය හා එම ගොඩනැගිල්ල නැවත කොළඹ මහ නගර සභාව වෙත ලබා ගැනීම පිළිබඳ නියෝග ඇතුළත් වාර්තාවක් කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙසට කාරක සභාව විසින් මීට පෙර ලබාදුන් නිර්දේශයට අනුව කොළඹ මහ නගර සභාව විසින් වාර්තාවක් ඉදිරිපත් කර තිබුණද ගොඩනැගිල්ල නැවත මහ නගර සභාව වෙත ලබාගැනීමේ කිසිදු ප්‍රගතියක් පෙන්වා නොතිබුණි.

ඒ අනුව එහිදී අදහස් දක්වමින් නිලධාරීහු මහ නගර සභාවේ සේවයේ නියුතු සේවකයෙකු බොරැල්ල සුසාන භූමියේ නිල නිවාසය හා ඉඩම අවභාවිත කරමින්, සිදුකරමින් යන ව්‍යාපාරය පිළිබද කරුණු, කාරක සභාවට ඉදිරිපත් කර තිබේ.

එම සේවකයා මීට පෙර වැඩ තහනමකට ලක්ව සිට නැවතත් සේවයේ පිහිටවූ පුද්ගලයෙක් බව එම නිලධාරීහු වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසූහ.

මෙහිදී සභාපතිවරයා විසින් එම මල් ශාලාව කොළඹ නගරයේ මල් ශාලාවක් ලෙස ලියාපදිංචි කර තිබේද යන්න නිලධාරීන්ගෙන් විමසා සිටියේය.

එහිදී නිලධාරීන් විසින් ප්‍රකාශ කළේ මල් ශාලාවක් සඳහා අවශ්‍යවන බලපත්‍ර නොගෙන අනීතිකව පවත්වාගෙන යන මෙම මල් ශාලාව, සමාගම් රෙජිස්ට්‍රාර් යටතේ සමාගමක් ලෙස ලියාපදිංචි කර ඇති බවය.

එහිදී අදහස් දැක්වූ සභාපතිවරයා පාරිසරික වාර්තාවක් හෝ නොමැතිව මල් ශාලාවක් පවත්වාගෙන යන්නේ කෙසේ ද යන්න විමසූ අතර එහිදී කරුණු දැක්වූ නිලධාරීන් එසේ සිදුකිරීමට හැකියාවක් නොමැති බව කාරක සභාවට දැන්වූහ.

ඒ අනුව අනීතිකව පවත්වාගෙන මෙම මල් ශාලාව වහාම තහනම් කිරීමට කටයුතු කරන ලෙස කාරක සභාව විසින් නියෝග කරන ලදී.

මෙහිදී කාරක සභාව හමුවේ පෙනී සිටි එවකට කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය එම මල් ශාලාව අනීතිකව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඇය සතු තොරතුරු කාරක සභාවට ඉදිරිපත් කළාය.

එහිදී මෙම මල් ශාලාව 1994 සිට පවත්වාගෙන යන බව අනාවරණය වූ අතර කුඨ ලේඛන පෙන්වා අදාළ මල් ශාලාවේ හා එම භූමියේ අයිතිය ලබා ගැනීමට එම සේවකයා උත්සාහ කළද එය සාර්ථක නොවූ බවත් මේ පිළිබඳව දිගින් දිගටම තමන් කටයුතු කිරීම නිසා ජිවිත තර්ජන වලට පවා නතුවීමට සිදුවූ බවත් ඇය කාරක සභාව හමුවේ කරුණු දක්වමින් පැවසුවාය.

මෙම නීති විරෝධී ක්‍රියාවලිය ප්‍රසිද්ධියේ සිදුවන ක්‍රියාවලියක් බව පෙන්වා දුන් හිටපු නාගරික කොමසාරිස්වරිය 1994 සිට 2020 දක්වා කාලය තුළ මෙම ගොඩනැගිල්ල සහ භූමිය අවභාවිතා කිරීම වෙනුවෙන් මිලියන 41ක් අලාභයක් කොළඹ මහ නගර සභාවට සිදුව ඇති බව පෙන්වා දුන්නාය.

එමෙන්ම රාජ්‍ය සේවකයෙකුට ව්‍යාපාර කිරීම නීති විරෝධී බැවින් වංචා සහගතව අදාළ ව්‍යාපාරයේ නම විටින් විට වෙනස් කරමින් ද ව්‍යාපාර කටයුතු කරන බවද ඇය වැඩි දුරටත් කරුණු දක්වමින් පැවසුවාය.

එමෙන්ම මෙම මල් ශාලාව පවත්වාගෙන යන කොළඹ මහ නගර සභාවේ සේවකයාට කොවිඩ් වසංගත සමයේ දේහයක් භූමදානය කිරීම සඳහා ලක්ෂ 6ක් අල්ලස් වශයෙන් ඉල්ලා සිටීම සම්බන්ධව සහ බොරැල්ල පොදු සුසාන භූමියේ නිකුත් කරන රිසිට්පත්, වංචා සහගතව නිකුත් කිරීම සම්බන්ධව චෝදනාවට ලක්ව සිටි පුද්ගලයෙක් බවද කාරක සභාවේදී අනාවරණය විය.

දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරන මෙම වංචනික ක්‍රියාවලිය තනි පුද්ගලයෙක්ට සිදුකිරීමට නොහැකි බවත් එම ක්‍රියාවලිය පිටුපස තවත් නිලධාරීන් රැසක් සිටින බවත් කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන් පැවැසුහ.

එම නිසා පොදු දේපළ පනත යටතේ මෙම පුද්ගලයාට එරෙහිව කටයුතු කළයුතු බව කාරක සභාව යෝජනා කරන කර තිබේ.

ඒ අනුව මෙම පුද්ගලයා විසින් රාජ්‍ය දේපල අනිසි ලෙස භාවිත කරමින් සිදුකරන මෙම ව්‍යාපාරය පිළිබඳව විමර්ශනයක් සිදුකර වාර්තාවක් සති දෙකක් තුළ කාරක සභාවට යොමු කරන ලෙස සභාපතිවරයා විසින් බස්නාහිර පළාත් ප්‍රධන ලේකම්වරියට උපදෙස් ලබා දුන්නේය.

මෙහිදී අනීතිකව පවත්වාගෙන යන මෙම මල් ශාලාව පිළිබඳව සිදු කළ හෙළිදරවු පිළිබඳව කාරක සභාවේ ප්‍රශංසාව හිටපු නාගරික කොමසාරිස්වරිය වෙත පිරිනමන ලදී. ඒ ප්‍රශංසාව ඇගේ පෞද්ගලික ලිපි ගොනුව සඳහා යොමු කිරීමට අවශ්‍ය කටයුතු කිරීමට කාරක සභා සභාපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

MostRead
Mobitel 1278
VideoStories
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක් | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..