
දකුණු කොරියාවේ අධිවේගී මාර්ගයක ඉදිවෙමින් පවතින ගුවන් පාලමක් කඩා වැටී පුද්ගලයින් 4ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
සිද්ධියෙන් තවත් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.
දකුණු කොරියාවේ සෝල් අගනුවරට කිලෝමීටර් 65ක් දුරින් පිහිටි ඇන්ශොන් නගරයේ මෙම සිදුවීම සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
අනතුරින් මියගොස් ඇති පුද්ගලයින් දෙදෙනෙකු චීන ජාතිකයින් බවත් එම මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් එරට ප්‍රවාහන අමාත්‍යංශය විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.





















































