
කොළඹ කොටුවේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ලේ නැවත වතාවක් ගිනි ගැනීමක් සිදුව තිබේ.
එහි 24 වැනි මහලේ මෙම ගින්න හට ගෙන ඇති අතර ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ රථ 3ක් යොදා ඇති බව සඳහන් ය.
මෙම ගොඩනැගිල්ලේ 35 වැනි මහළේ ද ඊයේ රාත්‍රියේ ගින්නක් හටගත් අතර එය අද අලුයම මැඩ පැවැත්වීමට ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සමත්විය.

















































