77 වන නිදහස් දින සැමරුම් උත්සවය - සජීවි විකාශය
February 4, 2025 07:35 am
77 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ කටයුතු මේ වනවිට නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ආරම්භ වී තිබේ.
"ජාතික පුනරුදයට පෙළ ගැසෙමු" යන තේමාව යටතේ මෙවර නිදහස් දින සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
මේ වනවිට නිදහස් චතුරස්‍ර පරිශ්‍රය වෙත ප්‍රභූ ආරාධිතයින් පැමිණෙමින් සිටින බව ද අප වාර්තාකරුවන් පවසයි.
මෙවර නිදහස් දින උත්සවය අඩු පිරිවැයකින් පැවැත්වීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ආලෝක බණ්ඩාර මහතා සඳහන් කළේය.
නිදහස් දින සැමරුම් උත්සවයේ සජීවි විකාශය ඉහතින් දැක්වේ.